IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනාධිපති නියමයෙන් මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ හොයන්න විශේෂ ඒකකයක්

නාලක සංජීව දහනායක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාලව දුෂණ වංචා හා අක‍්‍රමිකතා සොයාබැලීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව 011-2034159 දුරකතන අංකයට හා 011-2879976 යන ෆැක්ස් අංකයට මෙම ව්‍යාපෘතියේදී සිදුවූ දුෂණ වංචා හා අක‍්‍රමිකතා පිළිබඳ තොරතරු සාක්‍ෂි සහිතව ඉදිරිපත් කළ හැක. එමෙන්ම අධ්‍යක්‍ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, සොබදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලිඛිතව පැමිණිලි කළ හැකිය.

පසුගිය මස 23 වැනිදා කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේදී මෙම විශේෂ ඒකකය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. 

රුපියල් කෝටි 23,000ක වියදමින් ක‍්‍රියාත්මක වන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු කිසිඳු දුෂණ වංචා හා අක‍්‍රමිකතාවයකින් තොරව විධිමත්ව හා කාර්යක්ෂමව සිදුකිරීම රජය අපේක්ෂා කරයි.  



අදහස් (3)

ජනාධිපති නියමයෙන් මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ හොයන්න විශේෂ ඒකකයක්

Charith Tuesday, 07 August 2018 04:27 PM

මෙන්න නියම ආදර්ශ

:       7       27

kalani Tuesday, 07 August 2018 04:30 PM

යහපාලනයේ විනිවිද භාවය. සතුටුයි.

:       9       24

upul Wednesday, 08 August 2018 04:45 AM

දුෂණ වංචා අහුවුනොත් දෙන දඩුවමත් සදහන් කරලම දැමිමනමි හොදයි. රුපියල් 100000/= අඩුනම් රස්සාව නෑ විශ්‍රමය නෑ. 100000/=ට වැඩිනමි හත්මුතු පරමිපරාමෙ දේපල රාජ සන්තක කරනවා. අන්න එහෙම කලොත් මාසටක් යනවිට ලංකාවෙි දුෂණ ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site