(මනෝප‍්‍රිය ගුණසේකර)
එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප්‍රඥප්තිය ආරම්භ වී වසර පහළොවක් පිරීම නිමිත්තෙන් ‘තිරසර සංවර්ධනය පදනම් කරගෙන අල්ලස හා දුෂණය ලොවෙන් තුරන් කරන්නේ කෙසේද?’ යන තේමාව යටතේ නිව්යොර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා සහභාගී වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ ලබන 25 වැනිදා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 184ක නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මීට වසර පහළොවකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී පඥප්තිය ආරම්භ කොට ඇත්තේ රටවල් 15කින් වන අතර එම රටවල් 15 අතර ශ්‍රී ලංකාවද වන අතර මේ වන රටවල් 184ක් එහි සාමාජිකත්වය දරයි.
එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී පඥප්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා පැමිණි ගමනේ අභියෝග සහ රටවල් අතර දුෂණ විරෝධී ප්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීමට ඇති බාධා යන කරුණු පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
COMMENTS
අනේ අපරාදෙ මේ නිලධාරියා... ඔහුගේ වටිනා කාලය නාස්තිවෙන ගමනක්. අපේ රටේ මේ කියන කිසිඳු වංචාවක්, නාස්තියක්, දූෂණයක් අපි අහලවත් නැහැ. එහෙව් එකේ ...ඉතින් මේ ගමන අපේ රටට කරන අවනම්බුවක්...
වසර පහළොවකට පෙර එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය බැඳුණු රටවල් පහළොව අතරින් දූෂිත රට බවට පත්වීමට, පත්කිරීමට ලංකාවේ දේශපාලකයින් හා ජනතාව සමත්වී ඇත.
මෙහෙ වැඩක් නොකළාට කමක් නැහැ. නිව්යෝර්ක් ගියොත් ඇති. මෙහේ දූෂණ ෆයිල් පුස්කනවා. දූෂකයින් සැපෙන්, සතුටින් කාලේ ගතකරනවා. අපි තවම පරිප්පු කරවල කනවනේ.. මේ අය සැපට යන ගමන්වලට ගෙවන්න.