(ඩයනා උදයංගනී )
රටට ආදරය කරන මිනිසුන් සමඟ එක්ව රට හදන අරමුණ මිස රටේ ජනාධිපතිවරයා වීමේ පෞද්ගලික අරමුණක් තමා තුළ නැතැයි හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට නම් කරන ලද හිටපු යුද හමුදාපතිවරයා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ජාතික ජනතා ව්‍යාපාරයේ මහජන සභාවේදී එසේ පැවසීය.
රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවැසූ හිටපු යුද හමුදාපතිවරයා තමන් සමඟ උගතුන්, බුද්ධිමතුන් මිස හොරුන් වංචනිකයන් නොමැති බවද සඳහන් කළේය.
යල් පැනගිය ව්‍යවස්ථාව හා නීති පද්ධතිය වෙනස් කර එක් රටක් තුළ එක නීතියක් ඇතිකිරීම, දේශීය නිෂ්පාදන ඉහළ නංවා අපනයනය ආර්ථිකයක් ඇති කිරීමට තමන් කටයුතු කරන බවද සේනානායක මහතා කීවේය.
ස්වාධින අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටගත් තීරණය පෞද්ගලික තීරණයක් නොවන බවද පැවසූ හිටපු යුදහමුදාපතිවරයා රටට අවශ්‍ය වන්නේ ස්වාධින රාජ්‍ය නායකයෙක් පමණක් බවද සඳහන් කළේය.
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, ජාතික බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා අපේ වීරයෙක්.. එ්ත් පරදින එක හොඳටම දන්නා කුඩා කණ්ඩායමක් එක්ක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැටළුවක්..
ගෝඨාභයගේ ඡන්ද විශාල ප්‍රමාණයක් කැඩීම නිසා එජාපයට ජය නියත බව නිසැකයි.
අපේ රට අපේ දරුවන්ට ඉතිරි කරමු. හොරුන්ගෙන් රට නිදහස් කර ගනිමු.
ජයෙන් ජය ලැබේවා..!!!
තමාට ඡන්ද කීයක් ගන්න පුලුවන්ද කියලා හිතන්න වත් මොලයක් නැහැ. මේ අයට කියන්නේ සිංහල ඡන්ද කඩන්නෝ කියලා. පාස්කු බෝම්බේ නිවුස් වලින්නේ දැනගත්තේ..
ජනතාවනි, නොරැවටෙන්න. දිනිය හැකියි සිතන ගෝඨාට හරි, සජිත්ට හරි විතරක් ඡන්දය පාවිච්චි කරන්න.
ඩොලර්වලට ආදරේ නැද්ද?
මේ වෙලාවේ නොකළ යුතුදෙයක්. මේකෙන් වෙන්නේ සිංහල ඡන්ද කැඩෙන එක... මෙහි අවසානය රට, ජාතිය අගාධයට යාමයි. මෙයාව මෙහෙයවන්නේ ඇමෙරිකාවෙන් දිනිය නොහැකි බව දැනදැනත් වලට පනින්නේ ලැබෙන කුට්ටිය ගැන හිතලා..මෙයාව මෙහෙයවන්නේ ඇමෙරිකාවෙන්. ගෝඨාභය පරාජය කිරීම එකම අරමුණයි.
පුද්ගලික අරමුණක් නෑ. කාගේ හෝ වුවමනාවකට සිංහල ඡන්ද කඩා ගෝඨාභය මහතා පරාජය කිරීමේ කුරීරු චේතනාවට මුක්කු ගහලා නිකම් අප්‍රසාදයට පත්වෙනවා. පාට, පක්ෂ භේදයක් නැතිව රට, ජාතිය, සම්බුදු සසුන ගැන හිතලා ගෝඨාභය මහතා රජ කරවිය යුතුයි. නැතිනම් සියල්ල අවසන්...
හැමෝම එන්නේ ඔහොම කියාගෙන තමයි.
ස්වභාවික සම්පත්වලින් අනූන මේ ලස්සන රට චීනයට උගස් කරලා ලෝක බලවතුන්ගේ බල අරගලයකට තම මව්බිම බිල්ලට දීපු පොහොට්ටුවටයි, UNP එකටයි ඡන්දය දෙන්න එපා. දීලා පව්කාරයෙක් වෙන්න එපා ඔබලාගේ ඡන්දය නිසා උඹලා මේ රටේ අනාගත දරු පරපුර ණයකාරයන් කරලා ඉවරයි. දැන්වත් තමන්ගේ පව් හෝදාගන්න.
එක්තරා නාලිකාවක උදෙයි, සවසයි, අතනයි, මෙතැනයි හැමතැනම ඉන්න හැඩකාර නිවේදකයෙකු මීට මාස ගණනාවකට පෙර ඉදිරිපත් කළ වැඩසටහනකට සහභාගී වුණු ජාතික බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා කියා සිටියා " මා විසින් සිදුකළ සියලුම සමීක්ෂණවල ගණන් හිලව් එකිනෙකට විද්‍යානුකූලව සංසන්දනය කිරීමෙන් පසුව පැහැදිලිවම කියන්න පුළුවන් මෙවර ජනාධිපතිවරණය ජය ගන්නේ "පවුලක කෙනෙක්" නොවේ" කියලා. ඒක අහපු අර නිවේදකයාගේ මූණ නිකන් නාලුවෙලා ගියා. ඒ වගේම කොලොන්නේ මහතා ඒ වෙලාවේ කිව්වා "නියත වශයෙන්ම ජයගන්නේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නියෝජනය නොකරන විකල්ප අපේක්ෂකයෙක්" කියලා. එ් දවස්වල විකල්ප අපේක්ෂකයෙකු ඉදිරිපත්වෙන බවට කිසිදු ඉඟියක් ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණේ නැහැ...
සිරිසේන ජනාධිපතිට පින්සිද්ධ වෙන්න 2015දී ඇතිවූ වෙනස 2019 දී තවත් ඉදිරියට යයි වගේ... මොකක් හරි හොඳක් වුණොත් හොඳයි.
මෙතුමාට ජනාධිපතිවීමේ අරමුණක් ඇත්තටම නැහැ. තියෙන්නෙ වෙන අරමුණක්. ඉතින් ඒ අරමුණ ජනාධිපතිවරණයට කලින් හෝ ඉටුවුණොත් තරඟයෙන් ඉවත් වේවි. බලන් ගියාම 19වන සංශෝධනය නිසා රටේ අගමැතිවරයා බලසම්පන්න වෙච්චි තරම...
මේ සේරගේම අරමුණ සිංහල ඡන්ද ටික අරහෙට මෙහෙට බෙදාගෙන ඝෝඨාබයටත් සජිත්ටත් මුස්ලිම් දෙමල දෙතුන්දෙනගේ පස්ස ලෙවකන් තත්වෙට පත්වෙන එක පමණි අනේ අහෝ සිංහලයට ගිය කලක්
ජනතාවනි, මෙය තේරුම් ගන්න. අපි වසර 71ක් ඡන්දෙ දෙනකොට දීපු පොරොන්දු නෙමේ කරන්නේ.., හැම වසර 5-6කට වරක් නිෂ්පාදනය අඩුවීම, දේශපාලන නාඩගම් නිසා, ශ්‍රමශක්තිය අඩුවීම නිසා ඩොලරයේ අගය වැඩිවෙනවා, පසුගිය වසර 40 ක් බැලුවොත් , 1977දී ඩොලරයේ අගය රුපියල් රු 8යි. අද ඩොලරය රු. 182යි. පසුගිය වසර 40ට ඩොලරයේ අගය රු. 174කින් වැඩිවෙලා.. ඒ කියන්නේ 23 ගුණයකින් වැඩිවෙලා... අපිට එ්ක දරාගන්න බෑ. 23 ගුණයකින් පඩි වැඩිවෙලා නැහැ. එ්කට ඔරොත්තු දෙන්න අඩුම වශයෙන් අපේ පඩිය 30 ගුණයකින් වැඩිවෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ.. ඒවට හේතුවෙලා තියෙන්නේ ඉහළ සිටින දේශපාලකයින්ගේ සිට රාජ්‍ය පාලකයින්ගේ දුෂණය, නාස්තිය, නාස්තිකාර තීරණ, දරිද්‍රතාවය තවත් වැඩිවෙලා දේශපාලනය කරන අය මුදල් හම්බකරන මුදලාලිලා වෙලා, මේක වෙනස්කරන අයකුට වසර 5 කදී ඩොලරය වැඩිවීම පාලනය කරගත හැකියි. ආසියාතික රටවල් වලින් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල්වල වසර 5කටම 1% ක වෙනසක් වෙයි. මේ ක්‍රමය හදන කෙනෙකුට ඡන්දය දෙන්න... රූපවාහිනි චැනල් රේටින් තියාගන්න කියවන දේවල්, මඩ, අවලාද බලලා ඡන්දෙ දෙන්න එපා !!!!
අපි ඔය ලොකු ලොක්කන්ගේ කතා අහනකොට කියන දෙයක් තමයි ජාතික ව්‍යාපෘතියක් කරන කොට එ්කෙන් රටට ලැබෙන අනාගත ඵලය ධනාත්මක වුවහොත්, ඒ සඳහා ණයක් අරගෙන ව්‍යාපෘතිය කරලා, ලැබෙන ඵලයෙන් ණයත් ගෙවලා, රටටත් දෙයක් ඉතුරු කරන්න පුළුවන් කියලා. එහෙම වියපෘති කීයක් ලංකාවේ කළාද? ඒවා තමයි අද රටට හෙනයක් වෙලා තින්නේ. ඒවායින් ගත්ත කොමිස්..
ගෝඨලා හිටියා.. පවුල් පිටින් හැදුණා එච්චරයි. රට පස්සට ගියා. මේවා දැනදැනත් ඇයි අාපහු එයාලව ගේන්න හදන්නේ? මෙච්චර පොඩි දෙයක් තේරුම් ගන්න බැරි කුජීත ජනතාවක්ද ලංකාවේ ඉන්නේ...?
මේ තමයි අන්තිම අවස්ථාව රටගැන තීරණයක් ගන්න. සජිත්ගෙයි, ගෝඨාගෙයි 71 අවුරුද්දක් රට රවටපු රැලම පන්නන්න. මොලේ ඇති මිනිස්සුන්ගේ අන්තිම කැමැත්ත. අපේ දරුවන් වෙනුවෙන් හොර රල පන්නලා, රට වෙනුවෙන් මොලේ ඇති ඉගෙනගත්තු මිනිහෙක් පත් කරගමු. සුදුවෑන් කාරයන් ඕනේ නැහැ. නිධන් හොරු ඕනෙත් නැහැ.
ඒ කියන්නේ අපේ ඔළුගෙඩිවලට හෙනගහලා තියෙන නිසා අපිට ප්‍රසිද්ධ පක්ෂ දෙකෙන් එන්න පුළුවන් හොරෙක් විතරයි පෙනෙන්න පුළුවන්.. ජනතාව වෙනුවෙන් සාධාරණ අපක්ෂපාති කෙනෙක් තෝරාගෙන රට ගොඩගන්න එක නෙමෙයිද අපි කළ යුත්තේ? මහේෂ් මහතා පරදිනවා නම් ඔහු නෙමෙයි පරදින්නේත්, ඔහුව පරද්දන්න වැඩ කරන අපිමයි පරදින්නේ.. වසර 70ක් තිස්සේ අපි පැරදුණා. රටට කෙලවුණා. ඒවා පෙනිපෙනී ඔහුගේ පරාජය ගැන කියවනවා නම්.., පරාජය වෙන්නේ අපිමයි. තමන්ගේ හදවතින් අහන්න. අපිට ඕනෑ තවදුරටත් අපිට තොරණ් පෙන්නලා මහදවාලේ අපිව මංකොල්ල කන ප්‍රසිද්ධ හොරු රංචු දෙකෙන් එකක්ද නැතිනම් "හෝ චි මින් " කෙනෙක් "ලී ක්වාන් යු " කෙනෙක් "මහතීර් මොහොමඩ් " කෙනෙක් ද කියලා ...
රැවටුණා ඇති.. හොරු 71 අවුරුද්දක් මාරුවෙන් මාරුවට කරපු පාලනේ තරම රුපියලේ අගයෙන් පෙනේ. තව ඉදිරියටත් හොරු ඕනෙද?
මෝඩ රටවැසියනි, පරම්පරා ඡන්ද ක්‍රමයෙන් ඉවත් වෙන්න. පක්ෂ, පවුල්, පාටවලින් ඉවත් වෙලා අලුතින් හිතන්න. නිකන් දේශපාලුවන්ට කඩේ යන්න එපා..
ජනාධිපතිවරයා වීමේ පෞද්ගලික අරමුණක් නැතිනම්, මොහු පැමිණ ඇත්තේ කාගේ අරමුණක් සපුරාලීමටද?
සජිත් ජනපති නියත වශයෙන්... නමුත් අගමැති...?
හොරු එකතුවෙලා යුද්දේ කරනකොට පණබයේ හිටපු අය හොරු යුද්දේ ඉවරකරනකොට මයික් නැහැ. සහරාන්ගේ බෝම්බවලදීත් මයික් නැහැ. දැන් තමයි කට අරින්නේ... බෝම්බවලට මැරෙන්න ඕනේ අය අද ජීවත් වෙනවා. නොමැරිය යුතු අය මරුණා. අපේ රටට හදන්න පණ්ඩිතකම අඩු මිනිස්සු ඉන්න ඕනේ. මේ රටේ අති පණ්ඩිතයන් වැඩියි. එ්ක නිසා රට හදන්න දෙන්නේ නැහැ. එදා යුද්දේ ඉවරවෙන්න ඔන්න මෙන්න තිබියදී අය වැය පරාජය කරන්න රටේ කොතරම් කට්ටිය උඩ පැන්නද? එහෙව් රටක අපිත් යන්තම් ජීවත්වෙලා ඉන්නවා...