IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘ජනතාවගේ ප්‍රශ්නයකදී එය උතුරේද - දකුණේද කියලා අහක දාන්න බෑ‘‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

‘‘ජනතාවගේ ප්‍රශ්නයකදී එය උතුරේද - දකුණේද නැත්නම් තවත් තැනකද කියලා අහක දාන්න බැහැ‘‘ යැයි උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජීලිංගම් මහතා අද (10)  පුත්තලමේදී පැවසීය.

සිවාජීලිංගම් මහතා මේ බව පවසා සිටියේ ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පිරිසිදු පුත්තලමක් සංවිධානය විසින් පවත්වමින් තිබෙන උපවාසයට සහ ජනතාවට සහාය දැක්වීම සඳහා එක්වූ අවස්ථාවේදීය.

අරුවක්කාඩු කසල අංගනය හේතුවෙන් පුත්තලම කලපුවට සහ අනිකුත් ගම්මාන කිහිපයකටම හානි සිදුවන බවත් ඒ හේතුවෙන් මෙම කසල අංගනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය පවත්වන උපවාසයේ  12 වන දිනය බව සංවිධායකයෝ පවසති.

මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී සිවාජීලිංගම් මහතා සමඟ උතුරු පළාත් සභා මන්ත්‍රී කේසවන් සජන්තන් මහතා සමඟ තවත් උතුරේ දේශපාලඥයින් කිහිපදෙනෙකුද සහභාගි වූහ.එසේම පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් , වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් නියාස් යන මහත්වරුන්ද එක්වූහ.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.කේ.සිවාජීලිංගම් මහතා මෙසේද පැවැසීය.

    “ අපෙන් ඉල්ලා සිටියා පුත්තලමේ ජනතාව මේ කසල ප්‍රශ්නයේදි ඔවුන් සමඟ එක්වෙන්න කියාලා . ජනතාවගේ ප්‍රශ්නයකදී එය උතුරේද දකුණේද කියලා අහක දාන්න බැහැ. මම පසුගිය ගංවතුර කාලේ ගාල්ලට ගියා ජනතාව වෙනුවෙන් පිහිට වෙන්න . එතකොට මේ කසල ප්‍රශ්ණයෙදි පුත්තලමේ ජනතාව විනාශ වෙන්න දෙන්න බැහැ . මොකද ලෝකයේ අනිත් රටවල් කසල ප්‍රශ්නය විසදා තිබෙන ක්‍රම තිබෙනවා . එවා ප්‍රායෝගික ලෙස යොදා ගතහොත් කොළඹ කුණු කොළඹදීම නිසි කළමනාකරණය කරන්න පුළුවන්.

එහෙම නැතිව තවත් කොළඹ කුණු ගෙනල්ලා තවත් නගරයක් විනාශ කරන්න ඉඩ දෙන්න හොද නැහැ. ඒ නිසා අපිට හොඳම උදාහරණය ඉන්දියාවේ කුණු කළමනාකරණ ක්‍රම ඒ නිසා ලෝක බැංකුව හරි වෙන තැනකින් හරි ණය අරන් මේ ප්‍රශ්නය සඳහා නිසි පිළිතුරු ලබා ගන්න කියලා මම කියනවා . ඒ වගේම කොළඹටත් එය බරක් නිසා කොළඹත් විනාශ නොවන ආකාරයෙන් මේ සඳහා පිළිතුරු නිසි ලෙස යෙදිය යුතුයි‘‘ යැයි ඔහු පැවසිය.



අදහස් (1)

‘‘ජනතාවගේ ප්‍රශ්නයකදී එය උතුරේද - දකුණේද කියලා අහක දාන්න බෑ‘‘

Bamunuarachchi Thursday, 11 October 2018 12:25 AM

හැබැයි උතුරේ ඉන්නකොට කියන කතාව නවෙයි දකුණේදී කියන්නේ. ඒත් අපි දන්නවා කාලේ මාරු උනාට කොටියා වෙනස් නොවන බව.

:       107       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site