(නාලක සංජීව දහනායක)
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බෙඳුම්වාදී 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර ලෙස ආණ්ඩුවට බලකරමින් ජාතික සංවිධාන සම්මේලනය විසින් පවත්වනු ලබන ජාතික මහා සඟ සමුළුව හෙට (3) පෙරවරු 9.00ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වේ.
මෙම සමුළුව නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ සහ වෙඬරුවේ උපාලි අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මෙම සඟ සමුළුව පැවැත්වේ.
ජාතික මහා සඟ සමුළුව පිළිබඳව අස්ගිරි - මල්වතු දෙපාර්ශවයේම මහානායක හිමිවරුන් දැනුවත් කර තිබෙන බව ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
COMMENTS
මේක ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන එකක් නොවේ, ජවිපෙ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්. ඒකවත් නොදැන සමුළු තියනවා.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම බෙදුම්වාදී නම් මම බෙදුම්වාදියෙකු වෙමි.
අප හිතන දේවල් නොවෙයි වෙන්නේ. බෙදුම්වාදෙත් හරියට පිළිකාවක් වගෙයි. කොහෙන් මතුවෙනවද දන්නේ නැහැ. මුල් ඔඩු ගිහිල්ල. කොන් තියෙන්නේ ඈත එපිට.
කමල් නොදැන හිටියට, මහා සංඝරත්නය නම් දන්නවා. ඒත් ආණ්ඩුව නියෝජනය කරන රතු අලි පැටියෙක් කියලා ..
මහා සංඝරත්නය විරුද්ධ වුණාට වැඩක් වෙන එකක් නෑ සමහරවිට.. මොකද ඕවා යමපාලකයෝ ඡන්දෙ ගන්න දුන්නු පොරොන්දුනේ.. ඒකනිසා රට බෙදලා හරි දෙන්න වෙනවා..
ගොබ්බයින්ට නොතේරුණාට රට බෙදන තැනට තමයි. ජේ.වී.පී. එක මුක්කු ගහන්නේ. කළ යුත්තේ සියල්ලට පෙර පළාත් සභා නැති කල යුතුයි.
ඊට ඉස්සෙල්ලා බොදු චීවරයට නිගාදෙන භික්ෂූන් යයි කියන මහණුන් ඉවත් කිරීමේ සංගායනාවක් පවත්වන්න දේශපාලකයින්ට කඩේ නොගිහින් !!!
අපේ හාමුදුරුවනේ මේ රටේ දෙමළ මිනිස්සු කියනවනේ භාෂාව අතින්, පරිපාලනය අතින් ප්‍රශ්න තියෙනවා කියලා. සිංහල බහුතරයට නොතේරුණාට එ්කෙ යම් සත්‍යතාවයක් අැතිනේ... ඉතින් මේ හැම එකටම විරුද්ධ නොවී යම් යෝජනාවක් ගේන්න බුද්ධ වචනයට අනුව හරි...
මල්වතු අස්ගිරි නාහිමි වරුන් රට වෙනුවෙන් ආගම වෙනුවෙන් මීට වඩා කලයුතු දේවල් තිබෙනවා.