(සුජිත් හෙවාජුලිගේ)
රටේ මහත් කතාබහට ලක්ව පවතින ජාතික විගණන පනත් කෙටුම්පත් ලබන මස 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
මේ පිළිබඳව පාර්ලිමේනිතුවේ සහකාර මහ ලේකම් කුෂාණි රෝහණවීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා එය ලබන 05වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන බවයි.
එදින උදේ 11.00 සිට සවස 6.30 දක්වා විවාදය පැවෙත්වෙන බවද රෝහණවීර මහත්මිය පැවසුවාය.
ජාතික විගණන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 4 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ විවාදය මීට කලින් පැවැත්වීමට නිශ්චිතව තිබුණත් දින නියමයක් නොමැතිව කල් ගියේය.
ජාතික විගණන කොමිෂන් සභාව බලාත්මක කිරීම හා ජාතික විගණන කාර්යාලයත් පිහිටුවීම මෙම ජාතික විගණන පනත මගින් සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd