(ඩයනා උදයංගනී)
ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ සිට පසුගියදා විපක්‍ෂයට එක්වීමට තීරණය කළ මන්ත‍්‍රීවරුන් 16 දෙනාලබන මැයි මස 7 වැනිදා මඩකලපුවේදී පැවැත්වෙන පක්‍ෂ මැයි දින රැළියට සහභාගී වන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මැයි දින කමිටුවේ සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
තමන් අනිවාර්යයයෙන් පක්‍ෂයේ මැයි දින රැළියට සහභාගී වන බවත් ඔවුන් සියලූ දෙනා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ප‍්‍රකාශ කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන එස්.බී දිසානායක, සරත් අමුණුගම මන්ත‍්‍රීවරුන් හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්ත‍්‍රීවරිය පක්‍ෂ මැයි දින කමිටුවේ සාමාජිකයින් ලෙස ද කටයුතු කරන බව අමාත්‍යවරයි කියා සිටියේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී විපක්‍ෂයට ගිය 16 දෙනා මැයි දින රැළියට සහභාගි වෙනවාද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඡායාරූප හා විීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
ඔයා ඕවා හිතන්නේ නැතුව නිදා ගන්න මෙයා...
ඇති යාන්තම්!!! අපිට නින්දක් නැතුව හිටියේ...
අනේ සිරි අයියේ මොකට ගියාද "පතොල" ගාවට? ගියා නෙවේ මල්ලියේ බලය මාව අරන් ගියා...
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තක වහනවා කියලා ඉංග්‍රීසි කියමනක් තියනවා නේද? හලෝ..?
ඔව් ඔව් ඒගොල්ල නැතුව කොහොමද මැයි දිනය සමරන්නේ ඒ අය ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයෝනේ ජන ගඟ ගලන්නේ මේ අයට තමයි. බහුතරයක් අය තමංගේ ආසනය පැරදුණාට ලබන හත්වෙනිදාට මඩකළපුවට ලක්ෂ ගණනින් ජනතාව රොද බදිනවා අනිවාර්යයී.
ඔහොම්ම තව නින්දක් ගහන්න. සුබ සිහිනයක් වත් පෙනෙයිනේ !!!
ආනේ.... රටට දැන් අඩුවකට තියෙන්නේ ඒකයි. මරුනේ...
ඔබතුමාලා පොහොට්ටුවේ වේදිකාවේ නගිනවට එහි ආරම්භක සාමාජිකයන් කැමති නැත. එමනිසා ඔබතුමාලට තිබෙන එකම විකල්පය මෙය පමණි.