වර්ෂ 2011දී උඩුගුවනට යැවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියෑංගොන්- 1 හි සුන්බුන් නුදුරු දිනයකදී පෘථිවිය මතට කඩාවැටෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මිනිසකු සහිත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2022 දි අභ්‍යවකාශයට යැවීමේ බලාපොරොත්තුවෙන් සිටින චීනය ඒ සඳහා අත්හදාබැලීමක් ලෙස මෙම යානය ගුවන් ගත කරන ලදී. ගුවන් ගත කිරීමෙන් වසර පහකට පසුව මෙහෙයුම් අවසන් වූ ටියෑංගොන් යානය සමඟ පැවති සබඳතා බිඳවැටුණු බව 2016 වර්ෂයේදී චීනය තහවුරු කළේය.
යානය තම පාලනයෙන් මිදී ඇති බැවින් එය පෘථිවි වායුගෝලය සමග ගැටෙන ස්ථානය හෝ වේලාව සඳහන් කිරීම දුෂ්කර බව චීනය පවසයි. කෙසේවුවද මාර්තු 30 සහ අප්‍රේල් 02 අතර කාලය තුල මෙය සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
යානය වායුගෝලයට ඇතුළු වීමෙන් පසු ගිනිගැනීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඉතිරිවන සුන්බුන් පෘථිවියට වැටෙනු ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති.
එසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙයින් පෘථිවියට හානියක් ඇතිවීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බවයි. මෙම සිදුවීම රාත්‍රී කාලයේ සිදුවුවහොත් එය උල්කාවක් ගිනිගන්නා ආකාරයෙන් දර්ශනය වේ යැයි පැවසේ.
(බීබිසි ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පෘතුවියට කඩා වැටෙනවනම් වැටෙන්න වැවකින් වටවුණ තැනක් ලංකාවෙ තියෙනවා
ලංකාවේ සල්ලි වලින් විනෝද වෙන්න හදපු එක නෙමේ නේද?
ඔය කියන්නේ අර හිටපු ලොක්කගේ පුතා එලවපු එකද? කවුරු කවුරුත් හෙල්මට් දාගන ඉන්න එක කෝකටත් හොඳයි!