(දිලීප් ජයසේකර)
තණමල්විල හම්බෙගමුව ප්‍රධාන මාර්ගයේ ගල්කොටුකන්ද ප්‍රදේශයේදී ඉකුත් 09 වන දින සිදු කර තිබු පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අද (14) සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුරියවැව මීගහජදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.
මේ ඝාතනය සම්බන්ධයෙන් වු ප්‍රධාන සැකකරු ඝාතනයට ලක් වු පුද්ගලයාගේම නිවස ආසන්නයේ අයෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු විසින් පවත්වාගෙන ගිය බව කියන ගංජා හේනක් පිළිබදව පොලීසියට ඔත්තුවක් දීම සම්බන්ධයෙන් වු විරසකයක් මෙම ඝාතනයට හේතුව වි ඇති බවයි මුලික පොලීස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත.
සැකකරු විසින් සුරියවැව මීගහජදුර ප්‍රදේශයේ දෙදෙනෙකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනය සිදු කළ පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමඟ කොන්ත්‍රාත්තුව ලබාදුන් ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා පුද්ගලික ව්‍යාපාරයකට අමතරව සෙවනගල තණමල්විල හම්බෙගමුව ඇතුළු අවට ප්‍රදේශ රැසකටම මුදල් ලබා දෙන කිරිවැව,නුගේගලයාය,සෙවනගල ලිපිනයේ පදිංචි ඩී.එම්.සිසිර කුමාර නැමති 38 හැවිරිදි දෙදරු ව්‍යාපාරිකයෙකි.
සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඝාතනය සිදුකිරිමට ගිය යතුරු පැදිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා තණමල්විල පොලීසියට බාරදිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනයකට සම්බන්ධ දෙන්නෙක් අත්අඩංගුවට
සිංහල Monday, 14 May 2018 08:54 AM
කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ ආරක්ෂා කරන්නේ පොලීසියයි. මාසේ අන්තිමට පඩි ගෙවනවා වගේ පොලිස් ලොක්කන්ට කොමිස් එක එන්නේ.. පුළුවන් නම් පොලිසියට කියන්න ඉංගිරිය නම්බපාන පැත්තේ කසිප්පු නවත්තල දෙන්න කියලා. ඔට්ටුයි බෑ. මොකද කසිප්පු විකුණන කාන්තාව පොලිසියේ කට්ටියගේ හොඳම යෙහෙළියනේ....
jabos alahapperuma Monday, 14 May 2018 09:47 AM
මේ දෙන්නා පොලිස් ආරක්ෂාව ගෙනාවේ එස්.ටී.එෆ් පසුපසින්ද? ඉදිරියෙන් පෙරගමන් පොලිස්...