IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගං වතුරෙන් පවුල් 45,680 ක් පීඩාවට


(ඩයනා උදයංගනී)

දිවයිනේ දිස්ත‍්‍රික්ක රැසකට බලපා තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට පහව යමින් පැවතියත් දිස්ත‍්‍රික්ක 20ක පවුල් 45,680 කට අයත් 1,74,310 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දියෙහි ගිලීමෙන්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස් අතු කඩාවැටීම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

සිදුවූ විවිධ අනතුරුවලින් 13 දෙනෙකු තුවාලද ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

අවතැන් වූ පවුල් 17,976කට අයත් 70,376 දෙනෙකු තවමත් ආරක්‍ෂිත ස්ථාන 265ක රඳවනු ලැබ සිටින බව ද කොඩිප්පිලි මහතා සහඳන් කළේය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 121කට පූර්ණ හානි සිදුව 12ඇති අතර තවත් නිවාස 5,205 කට අර්ධ හානි සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.

මුලතිව්, යාපනය, මඩකලපුව, මහනුවර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොණරාගල, මාතර, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ප‍්‍රදේශ රැසක තවමත් ජල ගැලීම් පවතින නමුත් මේ වන විට ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම පහළ බසිමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි, මහවැලි, ගිං ගංඟා වල සහ මා ඔයේ ජල මට්ටම මේ වන විට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර අත්තනගලූ ඔයේ ජල මට්ටම තවමත් ගං වතුර මට්ටමේ පවතී.

ඒ හේතුවෙන් මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තවමත් ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම කළු ගඟ මිල්ලකන්ද ජල මිනුම් ස්ථානය අසලින් සහ නිල්වලා ගඟ පානදුගම ජල මිනුම් ස්ථානය අසලින් පමණක් තවමත් අවදානම් තත්ත්වයක පවතින බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (0)

ගං වතුරෙන් පවුල් 45,680 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site