(විනීතා එම් ගමගේ)

සීමා නිර්ණ ගැසට් පත‍්‍රය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණේ නම් මීට පෙර වාරණයක් ගැනීමට තිබුණු බව පැෆරල් සංවිධානය කියයි. එමෙන්ම යම් ප‍්‍රශ්නයක් තිබුණේ නම් සීමානිර්ණ කමිටුව රට වටා යන අවස්ථාවේ ඒවා නිරාකරණය කර ගන්නට තිබුණු බවත් එසේ නොකර මේ අවස්ථාවේ අධිකරණය ඉදිරියට ගියේ මැතිවරණය  කල් දමා ගැනීමේ වුවමනාවෙන්ම බව ඉතා පැහැදිලි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

ජනතාවගේ ඡන්ද අයිතිය සමඟ සෙල්ලම්  කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇති විශ්වාසය පලූදුවනු ඇතැයි ද එම සංවිධානය කියයි.

මෙම ගැසට් පත‍්‍රය පිළිබඳ සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නොමැති බවත් සාමාන්‍ය ජනතාව පෙරට දමා මේ අධිකරණ කි‍්‍රයාමාර්ගය ගන්නේ දේශපාලන පක්ෂ බව හෙළි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.