රොමේෂ් මධුෂංඛ
මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා නීතිවිරෝධීව ගවයින් 6 දෙනෙකු කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
මුල්ලියාවලේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් ඊයේ (10) රාත්‍රීයේ සිදුකරන ලද මාර්ග සෝදිසි කිරීමක දී අදාළ කැබ් රථය ධාවනය වී ඇති අතර එහිදී කැබ් රථයෙන් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය දැක පලා ගොස් ඇති අතර කැබ් රථය පදවාගෙන පැමිණි සැකකරු වූ අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
කැබ් රථය නවතා කරන ලද පරික්ෂා කිරීම් වලදී අනවසරයෙන් ගවයින් 6 දෙනෙකු පටවා මෙම කැබ් රථය ධාවනය කර ඇති අතරම අදාළ පොලිස් නිලධාරියා පුදුකුඩිඉරිප්පු පොලීසියට අනියුක්තව සේවය කරන්නෙකු බවටද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා කැබ් රථයද සමගින් ගවයින් මුලතිව් අධිකරණයට අද (11) ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදුකරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පවසයි.



2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගවයින් හොරෙන් රැගෙන ගිය පොලිස් නිලධාරියා අත්අඩංගුවට
Raveendra Wednesday, 11 July 2018 06:20 AM
මේ පුද්ගලයා තම නිල ඇඳුමට මොනතරම් නිග්‍රහයක්, නිගාවක් කර ඇත්ද? මෙවන් අයට පොලිස් නිලදාරීන් කියන්නේ කෙසේද?
pissa Wednesday, 11 July 2018 07:32 AM
ඉහල ඉදන්ම සුද්ද කරන්න ඕනේ. දේශපාලකයෝ, නිලධාරියොත් එක්කම.
kalani Wednesday, 11 July 2018 07:36 AM
මෙම ගවයින් සිටි ප්‍රදේශයේ සතුන්ට උලා කෑමට තරම් තණ කොළ නොමැති බැවින් ගවයින් පිලිබඳ උපන් මහා කරුණාවකින් උන් වඩාත් සරු තණ බිමකට රැගෙන යන්නට ඇත.