(නාලක සංජීව දහනායක)
ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මගින් ප‍්‍රචාරය කරනු ලබන සියලූම ගීත සදහා ලබන මාසයේ පළමු වැනිදා සිට කර්තෘභාග ගෙවීම සිදුකරන බව තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවැසීය.
ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරන බවද අමාත්‍යවරයා කීය.
මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (12) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ මාධ්‍යවේදීන් සදහා පොලී රහිත ණය ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කිරීමට සහ වාහන ණය ලබාදීමටත් අපේක්‍ෂාකරන බව බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවැසීය.
එමෙන්ම මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරදීමට බළාපොරොත්තුවෙන් සිටි ස්ථානය ඉකුත් රජය සමයේදී පුද්ගලික ආයතනයකට ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා එම ඉඩම නැවැත රජයට ලබාගෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස ඉදිකරදීමට රජය බලාපොරොත්තු වන බවද කීය.
ජනසන්නිවේදන විෂය හැදෑරීම සදහා වෙනම විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමටත් ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රෙස් කලබ් එකක් නැවත නිර්මාණය කිරීමට යෝජනා කර තිබෙන බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.
COMMENTS
මෙම වැඩපිළිවෙල සජිත් ඇමතිතුමාගේ ඔහු කරන්න හිටපු දේවල් මේ... නැතිනම් මාධ්‍යවේදීන් ගියේ නොමිලේ සුදු වෑන් වල, දැන් අජසත්තලා ගමන් කරන්නේ නෙලුම් මල් උඩ... මොනදේ කෙරුවත් රට ගොඩගන්න බැහැ. කිසිම මොළකාරයෙක් නැහැ රට කරගන්න යන්න උගත්, බුද්ධිමත් එක තැනැත්තෙක් ඉන්නවද? මෝඩයින් ටික රට කනවා. උගතුන් විදේශ රටවල ඒ රටවල් දියුණු වෙනවා. ආචර්යවරු, මහාචාර්යවරු ගණකාධිවරු පිරිලා රට ලෝකෙටම ණයයි තවත් ඉල්ලන්නේ... ණයට ඉල්ලන එකාගේ බඩ දැක්කම හිතෙනවා කොච්චර දුන්නත් මදි කියලා...
ගරු ඇමතිතුමනි, කරුණාකර රාජ්‍ය මාධ්‍ය ස්ථානවල සියලුම ආයතනවල පුරප්පාඩු සම්පුර්ණකර ( තනතුරු සපුරා ඔවුන්ගේ නාමයන් ප්‍රසිද්ධ කරන්න.) ජනතාව දැනුවත් කරන්න. තනතුරු ලබාදීම අවලංගු කිරීම, නැවත ලබාදීම වැනි විහිලු පුවත් මැවීමෙන් වලකින්න. මෙම ආයතනවල සියලුම අනියම් සේවකයින්ගේ සුදුදුකම් පරීක්ෂාකර සුදුස්සෝ සේවය ස්ථිරකරන්න. ගැටළු මවන්න එපා. ස්තුතියි.