(ටෝනි කරුණානායක)

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ  නිදැල්ලේ රැදී සිටි පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අද (3) නියෝග කළාය.

කටුනායක ගුවන් තොටුපල පොලිසිය සෝදිසි මෙහෙයුමකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.