IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ගුවන්තොටුපළට පැය 3කට පෙර එන්නැයි ඉල්ලයි


 
( තිළිණි  ද සිල්වා )
 
පිටත්වීමට ඇති වේලාවට වඩා පැයතුනකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම්දෙයි.
 
ආගමන විගමන නිලධාරීන් අද (17) සිට ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සමාගම මෙම දැනුම් දීම කර සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් වී.පෙරේරා මහතා කීය.
 



අදහස් (10)

ගුවන්තොටුපළට පැය 3කට පෙර එන්නැයි ඉල්ලයි

noel Thursday, 17 May 2018 08:04 AM

බලන බලන අත වැඩ වර්ජන / අකුරට වැඩ / උද්ඝෝෂණ මොනවද? අපේ රටට මේ සිද්ධ වෙන්නේ. මේ රටේ රටපාලකයන්ගේ නොහැකියාව නේද පෙන්නනේ . රට අයාලේ යවන මේ පාලකයන් වෙනුවෙන් කොතරම් විශාල මුදලක් අපි වැය කරනවද ?

:       41       337

Bamunuarachchi Thursday, 17 May 2018 08:06 AM

රජයේ සේවකයෝ අකුරට වැඩකොරනවානම් වැඩ ඉක්මන් වෙන්න එපායැ. කැන්ටින්වල කොපමණ කාලය කාදමනවාද, දැන් වෙලාවට රාජකාරියට ඒවි වෙලාවට ගියාට කමක් නැත. හැබැයි මේගොල්ලෝ අකුරටම වැඩේ කොරන්නෙත් ගෝඨාභය මහතා සිටියොත් පමණි. ස්ට්‍රයික් කරන කාලයටත් පඩිගේවන කාලකන්නි රටක් මේක.

:       38       263

sirimal Thursday, 17 May 2018 08:23 AM

විවිධ තර්ස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින බටහිර රටවල ගුවන් සහ නැව් තොටුපලවල දැඩි පරීක්ෂා කාරී වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බැවින් හැමදාම පවතින ඉල්ලීම මෙයයි.

:       46       68

සතයපාල Thursday, 17 May 2018 08:27 AM

මේක පාලකයන්ගෙම වැරැද්ද නොවේ, මේ රටේ මිනිස්සුගේ හැටි පොඩ්ඩක් හරි බුරල දුන්නොත් ගෝනී නැතුව හරි කරේ යනවා.ඒ නිසා යහාපාලනය අපිට ගැලපෙන්නේ නැතුව ඇති මෘග පාලනය නම් හරි අගේට ගැලපුනා.

:       8       320

senaThursday, 17 May 2018 11:32 AM

සත්‍යපාල මහත්තයත් සමග මමත් එකඟයි- සම්පුර්ණ යහපාලන මුලදර්ම වලට අනුව අපේ රට පාලනය කරන්න තවම කල් වැඩියි - ආණ්ඩුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍ර වාදය නිසා - ඒකාධිපතියා හොදය කියන තැනට ජනතාව තල්ලු වෙනවා.

:       0       0

sadun Thursday, 17 May 2018 08:43 AM

මේ විරෝධය දෙක්කම මා ඉදිරිපිට සිදු වූ සිදුවීමක් ලියමි........මා සහ මගේ බිරිඳ දරුවා සමග ගුවන්තොටුපළේ ආගමන විගමන පෝලිමේ සිටින ගමන් මා ඉදිරිපිට ඉන්දියන් ජාතිකයෙක් රුපියල් 100 මුදල් නෝට්ටුවක් තමන්ගේ සාක්කුවෙන් අරන් පාස්පෝර්ට් අස්සේ තියලා ආගමන විගමන නිලධාරීයට දෙනවා, මේ නිලධාරීයා රුපියල් 100 නොට්ටුවන් අරගෙන පාස්පෝර්ට් එක ස්ටම්ප් කර දෙනවා, මේ වගේ නිලධාරී තමා අකුරට වැඩ කරන්නේ.............

:       75       317

මදස්තයා Thursday, 17 May 2018 08:45 AM

මහින්ද මහත්තයා හිටියනම් ඔය වැඩ වර්ජන / අකුරට වැඩ / උද්ඝෝෂණ කරන උන්ව උස්සනවා!

:       119       14

නුමා Thursday, 17 May 2018 09:24 AM

අකුරට වැඩ කලත්, නොකලත් පැය තුනකට කලින් නම් යන්නම ඕන. එහෙමත් දවසක තමා සතුටු සාමීචිය නැතුව වැඩ කරන්නෙ.

:       45       26

Jehaan Thursday, 17 May 2018 10:30 AM

කවදාද මේ ගුවන් තොටුපල එක දිගට මාස තුනක් හරියට සේවාව පවත්වාගෙන ගියේ ? හැමදාම අර්බුධයක් !

:       0       0

de silva berlin Thursday, 17 May 2018 06:48 PM

ඔය නිලධාරීන් අකුරට වැඩ කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ , මේ ගොල්ල කරන්නේ සේවයට වර්ත කරළා විවේක කාමරයට වෙලා පත්තර බලනවා එහෙම නැත්නම් ඩියුටි ෆ්‍රී එක පැත්තේ කරක් ගහල විස්කි බෝතලයක් දෙකක එලියට පිට කරගන්න ට්‍රය් එකක්ක දෙනවා , පෝලිම් දිගුවෙලා 50-60 විතර පෝලිමේ ඉන්න කොට ඔන්න දුවගෙන ඇවිත් කවුන්ටරෙන් අසුන්ගන්නවා , හරිනම් අකුරට වැඩ කරනවා කියන්නේ නියමිත් වෙලාවට සේවයට වර්තකරලා තම අසුනේ රැදී සිට විවේක වෙලාවේදී පමණක් විවේකාගාරයේ හෝ වෙන යම් ස්ථානයක් විවේක අරන් පැය8 සේවය කර නියමිත් වෙලාවට වැඩ නවතාල ගෙදර යන එක ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site