IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘ගොවීන්ට දෙන්න රටින් ගෙන්වු කිරිදෙනුන් 133 ක් මැරිලා’


(කාංචන කුමාර ආරියදාස)
 
ගොවීන්ට බෙදාදීම සඳහා රජය විසින් පිටරටවල් වලින් ගෙන්වූ කිරිදෙනුන්ගෙන්  දෙනුන් 133 ක් මිය ගොස් ඇති බවත් එයින් 140ක් ගැබ් ගැනීමකින් තොරව සිටින දෙනුන් බවත් තවත් දෙනුන් 69 ක් ගැබ් ගැනීම් නොවන තත්ත්වයට පත්ව ඇති බවත් විගණන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා  පැවසීය.


එමෙන්ම කිරි ගවයන් විදේශ රටවලින් ගෙන්වා ගොවීන්ට බෙදාදීම ව්‍යාපෘතිය යටතේ පසුගිය රජයේ සහ වර්තමාන රජයේ අතිවිශාල ජනතා මුදල්  ප්‍රමාණයක් අවභාවිතා කර ඇතැයි විගණන වාර්තාවල සඳහන් වේ.


නැව් මඟින් මෙම ගවයින් හම්බන්තොට වරායට රැගෙනවිත් රිදියාගම නම් වූ ස්ථානයට කිලෝමීටර් 38  ක දුරක් ප්‍රවාහනය කිරීම සඳහා රජය විසින් රුපියල් තුන්කෝටි  පනස් අට  ලක්ෂ හැටනවදහස් දෙසිය අටක  මුදලක් ගෙවා තිබේ.


එමෙන්ම රජයේ නිල ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් පන් ලක්ෂ හැට දහසක් පමණක් වියදම් යන බවද විගණන වාර්තාව පෙන්වමින් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.


මෙම විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කිරි ගවයින් ගෙන්වීමේ දී සිදුවූ අක්‍රමිකතා සහ රජයට සිදු වූ පාඩු පිළිබඳව විගණන වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ ද හෙළිදරව් කළේය.



අදහස් (5)

‘ගොවීන්ට දෙන්න රටින් ගෙන්වු කිරිදෙනුන් 133 ක් මැරිලා’

Sathya Thursday, 17 May 2018 10:42 AM

මේවා එෆ් සී අයි ඩී එකට, අල්ලස් කොමිසමට යොමුකළ යුතුයි. අහිංසක මහජනතාව දුක් මහන්සියෙන් හොයන මුදල් මෙසේ නාස්ති කරන්න ඉඩ නොතැබිය යුතුයි.

:       0       13

rocky Thursday, 17 May 2018 11:08 AM

මෙහෙම ගෙනාපු එල දෙනුන් වගේකට එයාර් කන්ඩිෂන් පහසුකම් දෙනවලු නේද? අර කොළඹ නගර සභාවේ අලුත් නගරාධිපතිනිගේ නිල නිවාසෙට වගේ මේ සත්තුන්ටත් වැසිකිලි පහසුකම් සපයන්න කෝටි ගණන් වියදම් කොරන්න වේවි. අනේ මෙහෙමත් ගොන් වැඩ! ගැබ් ගැන්වීමේ පරහක් තියනවනම් ඉතින් එකටත් විසේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම ගෙන්වන්න වේවි. ඒ ගොල්ලන්ව කැන්දාගෙන එන්න මෙහෙනුත් පිරිසක් යන්න එපාය.?

:       0       17

RuwanThursday, 17 May 2018 11:26 AM

කොළඹ නගර සභාවේ අලුත් නගරාධිපතිනිගේ නිල නිවාසෙට. බොරු කියන්න එපා ලක්ෂ 55ක් ගියේ වැසිකිලි සංකීර්ණයක් හදන්න, ඔබ දන්නවද ලංකාවේ හොඳ තත්වයේ ටයිල් කැටයක , වැසිකිලි බඳුනක මිල ?

:       0       0

sachithThursday, 17 May 2018 12:04 PM

මෙන්න මෙහෙම තමයි අපේ පාලකයෝ රට දියුණු කරන්නේ.. රටේ ඉන්නේ මෝඩ හරක් කියලා දන්නා නිසා ඕනේ ජරා වැඩක් කරනවා. ඡන්දෙ කිට්ටු වෙනකොට සහන දෙනවා.

:       0       0

අනුර Thursday, 17 May 2018 11:29 AM

මෙයට සම්බන්ධ උන ගොවීන් ගොඩක් දුක් විදිනව. තාම හරි මිලක් නෑ දේශීය කිරි වලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 640 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site