(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ගංවතුරට ආණ්ඩුවේ සුදානම ප්‍රමාණවත් නැතැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය.
බිමල් රත්නායක මහතා මේ චෝදනා කළේ ජාතික පරිසර පනත යටතේ පැවති විවාදයේදීය.
බිමල් රත්නායක මහතා එහිදී මෙසේද කීය
‘‘ගංවතුරට මුදල් වෙන් කරලා විතරක් මදී. ඒ බෙදන්නෙත් එයාලගේ පෞද්ගලික මුදල් නෙවෙයි. මහජනතාවගේ සල්ලියි.සල්ලි බෙදන්න කලින් තවත් කරන්න දේවල් තියනවා.
රත්නපුරය හැම වතාවයක්ම ගංවතුරකට ලක් වෙනවා.නමුත් ඒ ප්‍රදේශවල එක බෝට්ටුවක්වත් සුදානම් කරලා නෑ .ඉතිං මොකක්ද ආණ්ඩුවේ සුදානම.පරිසර නීති ගෙනාවාට වැඩැක් නැහැ. ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් පරිසර නීති දුෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීම නිවැරදි දේශපාලනඥයින් රජයේ නිලධාරීන් අවශ්‍යයි.
ඇඹිලිපිටියේ කැලෑවේ අක්කර ගණන් සුද්ධ කරලා සෝලා චැනල් ගහනවා . හිටපු හමුදා ප්‍රධානීයෙක්ද ඊට සම්බන්ධයි.මේ ගැන හොයන්න.
විල්පත්තුව වනසන ජාතිවාදී දේශපාලනඥයින් ගැනත් සොයන්න. අවතැන්වු අයට ඉඩම් දෙන්න එපා කියලා කවුරුත් කියන්නේ නෑ.විල්පත්තුවේ අයට ඉඩම් ඕනෑ.නමුත් ඒ මුවාවෙන් වනාන්තර විනාශ කරන්න දෙන්න බැහැ.‘‘
COMMENTS
මේ රතු මල්ලියේ ඔය කියන හැම ආණ්ඩුවම... සියඹලාණ්ඩුවම, පාණ්ඩුවම කිසිඳු කමකට නැති බඩගෝස්තරවාදීන් (ඔහෙලත් ඇතුළුව හොඳේ) බව ඔහෙලට ඉස්සෙල්ලා අපි දන්නවා. මේ අවස්ථාවේ රතුමල්ලිලා පුරුදු පරිදි "බොරදියේ කිඹුල්ලු බාන්නේ" නැතිව කරන උදවුවක් කරනවල මොකද රතු මල්ලිලා හඳෙන්ද ඇවිල්ල තියෙන්නේ? මේ අමාරුවේ වැටිලා ඉන්නේ රතුමල්ලිලාගේත්, අපේත්, අප සැමගේම සහෝදර පුරවැසියන්. ආණ්ඩුවේ අම්බරුවන් වගේම ඔහේලත් විපක්ෂයේද? මොකක්ද මගුලේ ඉන්න අම්බරුවන් නේද? ඉතින් මහජන බදුමුදල්වලින් වේල්තුනම පිනට ගිලින එකේ අඩුමතරමින් කන කෑමටවත් වැඩක් කරනවල වාචාලයින් වගේ නිතරම කියව කියව ඉන්නේ නැතිව...
ඔබතුමන්ලා නම් ඕනෑම අවස්ථාවක ආණ්ඩුව කරන ඕනෑම දෙයක් හොඳ නරක නොසොයා විවේචනය කරන්න ඕනෑවටත් වැඩිය සුදානමෙන් තමයි ඉන්නේ. හැමදේකටම විවේචනය විතරයි. පිළියමක් කියන්න දන්නේ නෑ නේද?
ඔහු රජයෙන් අහන්නේ හැමතිස්සෙම වහින කොට ජවිපය කළා වගේ ඉණ දක්වා ඇඳුම් අඳින්න කියලයි.
කියව කියවා ඉන්නේ නැතුව ගිහිල්ලා උදව් කරන්නකෝ.
වහල් මානසිකත්වයෙන් යුත් අයට ජ.වි.පෙ. කියන ඒවා තේරෙන්නේ නැහැ. විවේචනය විතරක් නොවේ ලංකාවේ විපතකදී මුලින්ම සහන සේවා කටයුතු සදහා ඉදිරියට එන්නේ ජ.වි.පෙ.ය. එය පසුගිය දසක දෙකක කාලයක සිට ඉතිහාසය සාක්ෂි දරනවා ඇත. ඒ විතරක් නොවේ ලංකාවට මෙවැනී ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්න වෙන බව අනාගත වාක්‍යයක් ලෙස කිවු එකම දේශපාලන ව්‍යාපාරයද ජ.වි.පෙ.ය 1982 ජ.වි.පෙ නිර්මාතෘ රෝහන විජේවීර "රට හදන්න අපේ ප්‍රතිපත්තී" යනුවෙන් පවත්වන ලද දේශනය අඩංගු පොත් පිංච හැකිනම් සොයා කියවා බලන්න. මධ්‍යම කඳුකරයේ තේ වගාව නිසා නාය යෑම්වලට ලක්වන බවටත් ලංකාවේ ගංවතුර පාලනය කල යුතු ආකාරය ගැනත් ඒ වගේම කෘෂි කර්මාන්තය හා කර්මාන්ත දියුණු කල යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරමින් කරන ලද ඒ දේශනය කියවු අයකුට අද ලංකාවට අත්වී තිබෙන ඉරණම ගැන පුදුම වෙන්න දෙයක් නැත.
කුමාර් මහතානෙනි , ජවිපෙ මෙැවින් අවස්ථාවල තමන්ගේ හැකියාවටත් වඩා කැපවීමක් කර මිනිසුන්ට සහන සලසා ඇති බව දන්නො දනිති. ජවිපෙ අවංකව මිනිසුන්ට උදව් කලේය . ගාල්ලේ බස් නැවතුම හොඳම උදාහරනයයි.
ඔය බොරු කියවන වෙලාවේ, රටේ කෝටි ගණනින් හොරකම් කරපු සල්ලි ආපහු ලබාගන්නා ක්‍රමවේදය ඉක්මන් කරන පිළිවෙලකට සටන් කරන්න . මොකද ඔවුන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව පෙරළා ඒවා යට ගහන්න.
ගංවතුරට නොවෙයි මේ ගොල්ලෝ කිසිම දෙකට සුදානම් නැහැ. එකම සුදානම ලෝකා දීමනාවවක් වැඩිකලොත් පැනලා එක ගන්න.
බිමල් රත්නායක මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය නිර්ධය ලෙස සරදමට ලක් කිරීමට පෙර ඔවුන්ගේ සක්‍රිය දේශපාලන හැසිරීම අධ්‍යනය කරන්න. ආපදා කළමනාකරණය පිලිබඳ අපි ප්‍රාමාණිකයෝ නොවෙමු.මේ වනවිට වෙසක්,පොසොන් මෙන් ගංවතුර ගැලීම සාමාන්‍යකරණය වී තිබේ.මුළු දිවයිනම වසා ගනිමින් ගංවතුර ගලත්දී රජයක් කුමක් කරන්න දැයි කෙනෙක් අසති. " චීනයේ අදෝනාව " නමින් හැඳින් වූ කහ ගංගාවෙන් සිදුවන මහා විපත අවම කරගෙන තිබේ. යම් යම් ප්‍රදේශ යටවන්නේ ඇයිදැයි සොයාබලා එම විෂය පිලිබඳ ප්‍රාමානිකයින්ගෙන් උපදෙස් ලබා, වැසි නැති කාලවල ජලය බැසයාමට අවහිර වන බාධක ඉවත් කල නොහැකිද? මෙවැනි අඩුපාඩුකම් පෙන්වාදීම විපක්ෂයේ වගකීම ඉටුකිරීමක මිස කයිවාරු ගැසීමක් නොවේ. එසේම මෙවන් අවස්ථාවල සක්‍රියව ජනතාව සමග එකතුවන එකම දේශපාලන පක්ෂයද ජවිපෙ පමණක් බව අපි දනිමු. සුනාමි ව්‍යසනයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කලේ ජවිපෙ බව මතක් කරමි.
සුදානමක් කොහෙත්ම කොහෙත්ම නැහැ .ජනාධිපති කියන්නේ ගංවතුර යනු සංවර්ධනය කියලයි.
බොරුවට කියව ..කියවා ඔහේ මුල්ලකට වෙලා ඉන්නවා .