විනීතා එම් ගමගේ
ගොවිතැන් කටයුතුවල යෙදෙන විවිධ තරාතිරම්වල අයගෙන් දක්ෂයින් තෝරා ඔවුන්ට විදෙස් සංචාර ඇතුළු ත්‍යාග පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි.
හොඳම ගොවියා, හොඳම සිසුවා, හොඳම කෘෂිකර්ම නිලධාරියා, හොඳම ප්‍රාදේශීය නිලධාරියා ඇතුළු පිරිසක් තෝරා මෙම ත්‍යාග පිරිනැමිමට සුදානම් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඉදිරි වසරේ සිට මෙම තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.
තරුණ පිරිස් ගොවිතැනින් ඈත් වීමේ ප්රවනතාවක් පවතින බැවින් හා කෘෂිකර්මය කෙරෙහි ජනතාවගේ අවධානය වඩාත් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් හරියට වෙළඳ ආයතනවලින් දෙන ලක්ෂ ගණන්වල තෑගී වගේ. ඒ තෑගී ලැබුණ කෙනෙක් නැහැනේ. මම දවසක් බැංකුවකින් ඇසුවා කාටද මේ තෑගී දැනට ලැබී තිබෙන්නේ කියලා. මිනිසුන්ව ගොනාට අන්දනවා.
පාර්ලිමේන්තුවෙන් හොයා ගන්න පුළුවන් මේ වගේ දක්ෂතා තියෙන අයව . එහෙම වුනොත් රටට ඔවුන්ගෙන් විශාල සේවයක් වෙනවා.
මිනුසුන් දවසින් දවස ගොවිතැන අමතක කරන කලෙකදී මෙවැනි තීන්දුවක් ගැනීම ලොකු දෙයක් ඇමති තුමනි . මම හිතන්නේ වැළලුනු ගොවිතැන ඔබතුමාට ගොඩගන්න පුළුවන්
ගොවිතැනට දක්ෂ පුද්ගලයින්ට වගා කරන්න ඉඩම් , පොහොර, බීජ , කෘෂි උපකරණ එහෙම දුන්නොත් ප්‍රයෝජනයක් වෙන එකක් නැතුවා වෙන්නැති .
වගාකළ ඵලදාව විකුණන්නේ කාටද
තරුණ පිරිස් ගොවිතැනේ රඳවා ගන්නට නම්, ගොවිතැනින් කෙනෙකුට ජීවත්වීමට හැකි අදායම් තත්ත්වයක් ගොඩ නගා දිය යුතුයි. මේ සඳහා රජයට කල හැකි දේනම්, අපනයන භෝග වෙළදපොල දිව්නු කිරීම, සහල් වැනි රටට අත්‍යවශ්‍ය අහාර පිටරටින් නොගෙන්වා දේශීය ගොවීන්ගෙන් සහතික මිලකට මිලදී ගැනීම, මිල අධික ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සුත්‍ර ගොවීන් වෙත සමුපකාර ක්‍රමයකට ලබා දීම, නියන් සමයක් වැනි අපදා තත්වයක් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීම වැනි දේයි. එසේ නොකොට, විදෙස් සංචාර සහ ත්‍යාග පිරිනැමීම මේ ප්‍රශ්නයට ඇති තවකාලික පැලැස්තරයක් පමණි.
ගොවිතැනට දක්ෂ පුද්ගලයින්ට වගා කරන්න ඉඩම් , පොහොර, බීජ , කෘෂි උපකරණ එහෙම දුන්නොත් ප්‍රයෝජනයක් වෙන එකක් නැතුවා වෙන්නැති ලු ඔය ඔක්කොම දුන්නත් දෙන්නේ ඇමතිගේ පොකට්ටුවෙන් නොවෙයි අපේ සල්ලි වලින් ඊටපසු ඔය දීපු සල්ලිවලට හරියන්න වී හාල් ටික ගන්නත් අපි වැඩිපුර ගෙවන්න ඕනේ. ඔය ඔක්කොම ජරමර පැත්තක දාලා අඩු මුදලකට ඉන්දියාවෙන් හාල් ගෙනල්ල දුන්නාම හොඳ නැද්ද. රැකියාවේ වැටුපෙන් ජීවත් වන අපිට අඩුව සහල් ලැබෙනවානම් ලැබෙන්නේ කොහෙන්ද කාගෙන්ද කියන එක ප්‍රස්නයක් නොවෙයි, අනික රටවලුත් වගා කරලානේ සහල් නිපදවන්නේ මොකද අපේරටේ විතරක් නිෂ්පාදන වියදම වැඩි?
මිනිස්සු ගොවිතැනින් ඈත් වෙන්නෙ අස්වනු විකුණා ගන්න බැරි හින්දයි. ඒ වුණාට මාකට් එකේ එලවලු ගිනි ගනන්. මේවට විසඳුම් හොයන්නෙ නැතුව විකාර දොඩවනව. ගොවිතැන ලාබ ලැබෙනව නම් අපේ ගොවි දෙයියො රටින් පිටටත් බත් දෙයි. කරන තරමක් ගොවියන්ට කෙනෙහෙලිකම්. කොයි ආණ්ඩුව ආවත්.
රට සවාරි යවන්න කට්ටිය දැනටමත් තෝරා ගෙන ඇති නේද? නිකං බොරු සෝබන නැතුව හාල් මාෆියාව , එළවලු මාෆියාව මර්දනය කරන්න. වගා පාලු කරන අලින්ව කොහෙට හරි එලවා දමන්න බැරි නම්, ඒ සතුන්ව හාමුදුරුවරුන්ට නොමිලේම භාර දෙන්න. අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ආණ්ඩු එක දිගටම ගොවිතැනට කෙනෙහිලිකම් කොරනවා. ගොවියන්ට ඔය ඇමතිවරුන්ට වගේ රට සවාරි පිස්සුවක් නැහැ. ඒ මිනිසුන්ගේ දුෂ්කරතා සහ අවශ්‍යතා ගැන හොයලා බලන එකයි කරන්න තියෙන්නේ!