(නිමල් අල්ගෙවත්ත)

ලෝක උරුම ගාලු කොටුව තුළ නිවසක සංරක්ෂිත කොටස් ඉවත් කර පුරා විද්‍ය ස්මාරක විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු මේ මස 29 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.

එදිනට  පුරා විද්‍යා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද ගාල්ල පුරාවස්තු ආරක්ෂක පොලිසියට නියෝග කෙරිණි.

මෙම නිවසේ එම කොටස් ඉවත් කරමින් සිටි කොන්ත්‍රාත්කරුවකු හා තවත් සේවකයින් දෙදෙනකු හා බකෝ යන්ත්‍රයක් අත් අඩංගුවට ගෙන තිබිණි.

පුරා විද්‍යා පනත අනුව සැකකරුවන්ට ඇප ලබා දිමට මෙම උසාවියට බලයක් නැති බවත් ඒ නිසා සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

මෙම නිවසේ හිමිකාරියගෙන් මේ වන තෙක් පොලිසිය කට උත්තර ගෙන නැතැයි ද ඇයට පොලිසියට එන්නට දැන් වුවද ඇය පැමිණ නැතැයි ද මෙහිදි අනාවරණය විය.