(ඩයනා උදයංගනී)
එකම සමාගමක් හරහා වංචනික ලෙස ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් 2009 සිට 2016 දක්වා කාලයේදී මහ බැංකු බැඳුම්කරය මෙන් කිහිප ගුණයක වංචාවක් සිදුවී ඇති බවත්, විශේෂ බලැති ජනාධිපති කොමිසමක් වහාම පත්කර ඒ ගැන සොයා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම ගල් අඟුරු වංචාව පිළිබඳ නිකුත් වී ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු මත කොමිසම හරහා සොයා බැලිය හැකි බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තමන් සතු සියලූ කරුණු කොමිසමට ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.
මෙම වංචාවෙන් ප‍්‍රතිලාභ ලැබූ නිලධාරීන්, දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අති විශාල පිරිසක් සිටින අතර විදුලි බිල හරහා දෙකෝටියක් ජනතාව අදටත් මෙයින් දුක් වි`දින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (13ෙ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 නොවැම්බර් මස 04
368
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ගල් අඟුරු වංචාව ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න‘- පාඨලී
nuwan Wednesday, 13 June 2018 12:50 PM
ගල් අගුරු බලාගාරයක් ලංකාවට ගෙනාපු අයට ගහන්න ඕන මඩු වලිගෙන්. දියුණු රටවල් පිලිකා කාරක,පරිසර විනාශකාරී ගල් අගුරු බාවිතය සහමුලින්ම නවත්වන්න කටයුතු කරනවා. මෙහෙ එකේ අනිත් පැත්ත.
nuwanThursday, 14 June 2018 05:54 AM
යුරෝපයේ ගල් අගුරු වෙනුවට සුළගින් ක්‍රියා කරන විදුලි ජනක මුහුදු තීරයේ මහා පරිමාණයෙන් ස්ථාපිත කරලා තියෙන හැටි ඒ වගේම විශාල සුර්ය ජනක ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක තත්වයේ තියෙන්නේ.දේශපාලන අන්ධ බාවයට පත් උනු අයට මේවා තේරෙනකොට රට විනාශ වී හමාරය.
de silva Wednesday, 13 June 2018 01:36 PM
ඔය කොමිසම පත්කරලා ක්‍රියාත්මක කරන්න අඩු ගන්නේ කෝටි 10 වත් යාවි , අන්තිමට කිසිම තීරණයක් නැතිව කොමිසම් වාර්තාව , ලේඛනාගාරයට යවලා කියාවි එක ප්‍රසිද්ධ කරන්නේ අවුරුදු 30 කින් කියලා, ඕව සැලසුම්කරණ , හදන කාලෙ විදුලිබිල, සහ පරිසර ඇමතිකම වගේ ඇමතිකම් දැරුවේ ඔබතුමා. දැන් කොමිසම් වලට මුවා වෙලා ඔය වගකීම් වලින් කර අරින්න ඔබට බැහැ
Raveendra Wednesday, 13 June 2018 02:17 PM
මේ හදිසියේම රඟදක්වන්නේ වීදි නාට්‍යයක්ද?
Kumar Wednesday, 13 June 2018 04:40 PM
ඇමතිතුමා බලශක්ති ඇමති කාලේ නේද මේ විදුලි බලාගාරය ගොඩනැගුවේ. ඒ දවස්වල ගල් අඟුරු ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැද්ද? අපේ ශ්‍රී මහා බෝධියටත් ඒකෙන් හානිවෙන්න යන වග ඇත්තද.
de silva Wednesday, 13 June 2018 06:52 PM
ඕක සැලසුම් කරන කලේ තිබෙන්නේ ඇත්තේ පරිසරයට කිසිම හානියක් නැති , පුච්චනකොට කළු දුම් නොදමන සුපිරි ගල් අඟුරු , දැන් ඒවා අපේ කරුමෙට ඉවරවෙලා