IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරු විදුහල්පතිවරු 4 වැනි දා ලෙඩ වෙති

 

තරිඳු ජයවර්ධන
 
දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමට එරෙහිව ලබන හතර වැනි දා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තී සමිති එකමුතුව කියයි.

 
මෙම සංකේත වැඩ වර්ජනය ගැන එම වෘත්තීය සමිති එකමුතුව අධ්‍යාපන ලේකම්වරයාට ද ලිඛිතව දැනුම් දී තිබේ.
 
මෙම වැඩ වර්ජනය හේතුවෙන් අධ්‍යාපන පද්ධතිය අකර්මන්‍ය වීමෙන් ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම මහජනතාවට සිදුවන පීඩනයේ වගකීම රජය භාරගත යුතු බව ද  එම වෘත්තීය සමිති සඳහන් කරයි.
 
මෙම ක්‍රියාමාර්ගය අධ්‍යාපන පද්ධතියේ යහපත වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත්,  මෙසේ අවිධිමත්ව දේශපාලන හෙංචයියන්ට අධ්‍යාපන පද්ධතියේ පත්වීම ලබාදීම මත අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පිරිහීමට පත්වන බැවින් වහාම මෙම පත්වීම් ලබාදීම නතර කළ යුතු බවත් වෘත්තීය සමිති අවධාරණය කරයි.
 
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය,   ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය,   සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය , ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ,  ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය,   සමස්ත ලංකා විදුහල්පති සංගමය සහ  ප්‍රගති ගුරු සංගමය යන වෘත්තී සමිති එම සංකේත වැඩ වර්ජනයට එක්වීමට නියමිතය. 



අදහස් (4)

ගුරු විදුහල්පතිවරු 4 වැනි දා ලෙඩ වෙති

sanath Sunday, 01 July 2018 09:30 AM

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විතර දේශපාලන බලපෑම් කරන වෙන එකම ආයතනයක්වත් නැතුව ඇති.

:       0       73

kalpa Sunday, 01 July 2018 12:56 PM

1991 ට පෙර කම්කරු තනකුරක හිටි අයෙක් 1991 දි රුපියල් 1000 පත්වීමක් ගත්ත.එහෙම කරල 1994 මැතිවරනයට පැවති රජයට විරුද්දව වැඩකලා ඉන්පස්සෙ දේසපාලන පලිගැනීම් කියල අධ්‍යාපන පරිපාලන පත්වීමක් හදාගත්ත ඒවට කතා නොකල 1994 න් පසු පත්වීම් හා උසස්වීම් ගත් අයනේද මේ ලෙඩවෙන්නේ

:       0       0

sunil Sunday, 01 July 2018 05:41 PM

පසුගිය ආණ්ඩු කාලයේ දහස් ගණනක් නුසුදුස්සන්ට උසස්වීම් දෙනවිට මේ කවුරුත් නිහඬයි. ගණිතය පාස් නැති අයෙකුට අධ්‍යාපන පරිපාලන සේවය විතරක් නෙමෙයි කලාප අධ්‍යක්ෂකකමකුත් දුන්නා. මේ ආණ්ඩුවත් ඒ විදිහට දෙනවා නම් වැරදි තමයි. නමුත් ඒ විදිහට ඉස්සර උසස්වීම් ගත්ත අයත් එකතුවී දැන් පමණක් විරුද්ධ වීම අන්ත කුහකකමක්... අද ඇති නිදහසින් ප්‍රයෝජන ගනිමින් කරන මේ වර්ජන වල ඉල්ලීම් වලට පරණ ආණ්ඩුවෙන් කරපු වැරදි උසස්වීම් අවලංගු කරන්න කියන ඉල්ලීමත් ඇතුලත් කරනවා නම් විතරයි සාධාරණ වෙන්නේ...

:       1       2

ඉන්ද්‍රපාල එස් වික්‍රමසිංහ Monday, 02 July 2018 05:24 AM

පසුගිය රජය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන අවධිවල දේශපාලන පලිගැනීම් වල මුවාවෙන් 54000ක් උසස්වීම් ලබා දී ඇත. දැන් ලබා දෙන්නට යන්නේ 1994 සිට 2014 දක්වා දේශපාලන පලිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් ඉටුකර දීම සඳහාය. කොමිෂන් සභා හරහා විමර්ශනය කර ලබා දෙන්නට යන්නේ ඇත්තෙන්ම ඒ වකවානුවේදී අසාධාරණයන්ට ලක්වූ පුද්ගලයන් සඳහා වන අතර ගුරු සංගම්වලින් පවරණු ලැබූ නඩුවක සමථකින් පසුවය. හෙන්චයියන් වැඩ බලන තනතුරු ලබා දී උසස්වීම් ලබා දුන් අවධියේ ඔය ගුරුසංගම් නිදාගත්තාද? අසාධාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබා දීම, විභාග සමත් වූ අයට උසස්වීම් ලබා නොදීම, විභාග රාජකාරි නොදීම වැනි අනේකවිධ අසාධාරණයන්ට ලක්වූ පුද්ගලයින් සඳහා සාධාරණයක් ඉටුකරදීම කළයුුතුම කටයුත්තකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site