රංජන් කස්තුරි
දිවයින පුරා ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් 3766 දෙනෙකුගේ ස්ථානමාරු ලිපි අධ්‍යාපන අමාත්‍යංශය අද (29) නිකුත් කර තිබේ.
එකම පාසැලේ වසර 10කට වඩා වැඩි සේවා කාලයක් සම්පුර්ණ කළ ගුරුවරුන්ට එම ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
මීට ඉහත අවස්ථා දෙකකදීම , එවැනි සේවාකාලයක් සම්පුර්ණ කළ ගුරුවරුන් කණ්ඩායම් දෙකක් ස්ථානමාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ආසන්න පාසලක් නොමැතිව ඉතා වැඩි දුරකට මාරුකළ යුතු අවස්ථාවලදී හා අනුප්‍රාප්තිකයකු ලබා දිය නොහැකි අවස්ථාවලදී වසර 10ක සේවාකාලයක් සම්පුර්ණ වී තිබුණද එම ගුරුවරුන්ට ස්ථානමාරුවීම් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
නිට්ටඹුවේ සංඝබෝධියේ බොහෝ කාලයක් එක තැන පල්වෙවී ඉන්න හතර පස් දෙනා මාරු කරන්න. දරුවන්ගෙන් පලිගන්නා ගුරුවරුන් කුමටද
පසුගිය වසර 50 ස් ගණනක සිටම මෙම පිළිවෙත මගහරිමින් බස්නාහිර ,මධ්‍යම ,වයඹ ,සබරගමු ,ඌව ,දකුණු ,පළාත් හි නගරාශ්‍රිත ජනප්‍රිය පාසල් වල ගුරු,විදුහල්පති භවතුන් කෙතරම් සිටිනවාද..?.දේශපාලන හා මුදලේ බලයෙන් සහ ,ප්‍රබල රාජ්‍ය නිලධාරී සම්බන්ධතා බලයෙන් තම ස්වාර්ථය මතම මෙයින් කට්ටිපැන පැන..!, වසර 10 කට වඩා සිටීනම් අනිවාර්යයෙන් ම එම මාරුකිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුමයි. දිස්ත්‍රික්ක පදනම තුලත් සහ වයස 55-58 ට වැඩි විශ්‍රාම යාමට ලංවී සිටිනා පිළිබඳව ගුරුභවතුන් ගැන ලිහිල් ව සලකා බලන්නේ නම් යෙහෙකි. රාජ්‍ය සේවකයන් දිවයිනේ සෑම පෙදෙසකම සේවය කිරීමට සඳහා බැදී සිටී.
ඒ කියන්නේ තවත් කාලයකට බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල අනෙක් ගුරුවරුන්ට අකැපයි කියන එකද?
බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය විදුහලේ වසර 15, 20, 25 සිටින ගුරුවරුන් මේ වනවිට පාසල තුල නිර්මාණය කල අර්බුදය එහි ආදි ශිෂ්‍ය නායක සංසදය විසින් ව්‍යවසනයක් බවට පත් කර හමාරයි. මේ දෙගොල්ලන් එකතු වී 2017.11.06 වන දින පාසල තුල සිසුන් යොදවා කල උද්ඝෝෂණය නින්දිතයි. ඒ උද්ඝෝෂණයේදී උගනිමින් සිටි සිසුන් එළියට ඇද දැමූ, සිසුන්ට සටන් පාඨ ලියා දුන්, කළු කොඩි හා ගිනි වෙඩි සැපයූ, උද්ඝෝෂණය වීඩියෝ කළ, රූපරාමු මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කළ, ගුරුවරුන්ටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙවැනි අනුකම්පාවක් හිමි වීම ජාතියේ අවාසනාවක්. ජාතික අපරාධයක්. අධ්‍යාපන අමාත්‍යාංශය නොසලකා හැරියද, රත්නපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය ඒවාට නිසි පිළිතුරු නිසි වෙලාවට දේවි. උද්ඝෝෂණය වන බවක් දන දැනත් තම පුද්ගලික වාසි තකා නිහඬව සිටියි. බලන්ගොඩ කලාප අධ්‍යාපන බලධාරීන්ද මේවාට වග කිව යුතුයි. මේ අයට අනුකම්පා කිරීම නොව දඬුවම් කිරීම මහජන මුදලින් නඩත්තු වන අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමකි.
අධ්‍යාපන ඇමතිතුමනි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය විද්‍යාලය දැන්වත් පොදු දේපලක් බවට පත් කිරීම ඔබේ වගකීමකි.
උද්ගෝෂණය කර බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය විදුහල අවුල් කිරීමට එහි කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරිනුත් හවුල්ලු. අපි වීඩියෝ වලින් දැක්කා. ඇමතිතුමනි, මේ ගුරුවරුන්ට අනුකම්පා කරන්න එපා... මාරු කරන්න.
බලන්ගොඩ මහ විද්‍යාලය (ආනන්ද මෛත්‍රීය) විදුහලේ සේවා කාලය වැඩි ගුරුවරු මාරු කිරීම පමණක් නොව, වෙසක් කාඩ් පත් වංචාව, ආනන්ද මෛත්‍රිය ආශ්‍රමය ඉදිකිරීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, විභාග වංචා, පෙළ පොත් වංචා, ඉදිකිරීම් ද්‍රව්‍ය අතුරුදන්වීම්, උද්ඝෝෂණය කරවීම ... පමණක් නොව කාන්තා වැසිකිලි සංකීර්ණය ඉදිකිරීම් වංචාද විමසා බලා පියවර ගන්න...
දී කිරිවලට බළල්ලුත් සාක්ෂියිලු, අධ්‍යාපන අමාත්‍යාංශය ඕවා කරයිද?
බලංගොඩ ආනන්ද මෛත්‍රිය මාධ්‍ය මහා විද්‍යාලයේ නීති විරෝධී උද්ගෝෂණයක් සංවිධානය කර, වසර 20ක් 25ක් පමණ විද්‍යාලයට අරක්ගත්, ටියුෂන් මාෆියාවක් ලෙස විද්‍යාලයේ අධ්‍යාපනය කඩාකප්පල් කරන විද්‍යාලයේ දේපල පවා විකුණාගෙන කන ගුරුවරුන් වහාම මෙම විද්‍යාලයෙන් මාරුකර යවා විද්‍යාලයේ ගෞරවයත් අධ්‍යාපන ගුණාත්මක බවත් ආරක්ෂා කර දෙන ලෙස අධ්‍යාපන ඇමතිතුමාගෙන් බලංගොඩ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලයේ නීතිවිරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළ, බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අය පසුගිය දා පාසල් සංවර්ධන සමිතියේ ඉදිරි වසර 3 සඳහා නිලධාරීන් ලෙස පත්කර ගැනීමෙන් මෙම විද්‍යාලයේ වසර 20, 25 පමණ සේවයෙන් නියුතු දූෂිත ගුරුවරු මෙම විද්‍යාලය විනාශය කරා ඇදගෙන යයි. එම අන්ත දුෂිතයින් පසුගිය පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ නමුත් දූෂිතයින් පිටුදකිනවා යැයි උදේ හවා මොරදෙන නිදහස් සන්ධාන නායකයින්ට පින්සිදු වන්නට මෙම දූෂිත පරාජිතයාට නැවත මන්ත්‍රී පදවියක් ලැබීමට වාසනාව උදා වී ඇත. මෙවැනි දුෂිත පුද්ගලයින් විද්‍යාලයට සම්බන්ධ කර ගැනීමෙන් විද්‍යාලය විනාශය කරා රැගෙන යාම වසර 20, 25 සේවය කරන ගුරුවරුන් විද්‍යාලයෙන් මාරුකර යවන ලෙස අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලමි.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රියේ උද්ඝෝෂණය දිනයේ එය වීඩියෝ කරන ලද්දේ විනය මණ්ඩල ලේකම් හා නියෝජ්‍ය විදුහල්පතිනියකි. ශිෂ්‍ය නායක මණ්ඩලය ලවා එය මෙහෙයවුයේ, නියෝජ්‍ය විදුහල්පතිවරයකු හා කලා අංශ ප්‍රධාන හා කළා අංශ ගුරුවරුය. කළු කොඩි දෙන ලද්දේ 8 වසර හිටපු අංශ ප්‍රධාන ගුරුවරියකි. ඊට අමතරව කළා අංශයේ, ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ගුරුවරු හා වාණිජ ඉංග්‍රීසි මාධ්‍ය බාර ගුරුවරු විශාල කාර්ය භාරයක් ඉටු කොට ඇත. සත්‍ය වශයෙන්ම මොවුන් ගුරුවරුද? මොවුන් ගැන තීරණ නොගන්නා අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් කුමකටද? අමාත්‍යාංශයට ලේකම් වරයෙක්? ඇමැති වරයෙක් කුමකටද?
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ම.ම.වි තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාන මාරු... මෙම පාසලට මුල් පත්වීම ලබා මෙම පාසලින්ම විශ්‍රාම ගිය ගුරු භවතුන් හා කැමැත්තෙන් මාරුවීම් ලබා ගිය අයට අමතරව,1980 වසරේ සිට මේ දක්වා වසර 37 ක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැදිහත්ව පාසල තුල කල ස්ථාන මාරු ගණන 20 ක් පමණි. 2013 පෙබරවාරි මාරු කිරීම් 05 යි. 2017 ඔක්තෝබර් මාරු කිරීම් 07 යි. 2018 මාර්තු මාරුකිරීම් 08 යි. මේ තුළද විශේෂ ඉල්ලීම් කරන ලද මාරුවීම් 05 කි. එහෙත් දැනටත් මෙම පාසලේම සේවා කාලය වසර 28 ඉක්මවූවන් 02 ක්ද, වසර 25 ඉක්මවූවන් 03 ක්ද, වසර 24 ඉක්මවූවන් 02 ක්ද, වසර 23 ඉක්මවූවන් 03 ක්ද, වසර 20 ඉක්ම වූවකුද, වසර 19 ඉක්මවූවන් 02 ක්ද, වසර 15 ඉක්මවූවන් 02 ක්ද වසර, 10 ඉක්මවූවන් 20 ක් පමණද යෙහෙන් සිටිති. අධ්‍යාපන අමාත්‍යාංශයේ වික්‍රමය එයයි.
ගුරුවරුන් අවුරුදු ගණනාවක් සේවය කරලා සමුගැනීම ආසන්නයේ වෙනත් පාසලකට මාරුකිරීම කරපු සේවයේ වටිනාකම නොදන්නා දරුවන් කෙළෙහිගුණ අමතක වීමක් වැනිය. ගුරුවරුන් අවලංගු කාසි වැනිය. එය අපගේ සේවයට හානියකි එය ගැන සිතුවා නම් වඩා හොඳයි. නැතිනම් ගුරුවරුන් කවුද කියා ළමයින්ට අමතක වේවි!!!.