වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී./රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් දෙමින්, විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන අහෝසි කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
නිව්යෝක් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම තම නිල ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේය.
‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන යටතේ ඇමෙරිකාවට පැමිණි ත්‍රස්තවාදියකු කරන ලද ක්‍රියාවකින් ජීවිත ගණනක් අහිමි වූ බවත් ‘ඩිමොක්‍රටික්’ ලොතරැයි වැඩසටහන තවදුරටත් අවශය නැතැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
එපමණක් නොව තමන් ඇතුළු කණ්ඩායම කුසලතා මත පදනම් වූ සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ද තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
ග්‍රීන් කාඩ් යනු විදේශිකයන්ට ඇමෙරිකාවේ නීත්‍යානුකූල ස්ථිර නේවාසිකයන් වීමට ඉඩ සලසා තිබූ වැඩසටහනකි. මෙම ලොතරැයිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද විවෘත වූ වැඩසටහනක් විය.
055
COMMENTS
ලංකාවට ලෙඩ නොදා අනේ ඔබතුමාට කැමති ඕනේ දෙයක් කියන්න ,ඔබතුමාගේ කතා හරියට සෝඩා බෝතලේ කැඩුවා පස්සේ සැර බහිනවා
හරිනේ කරගත්තා. අපේ ඇමරිකන් සිහිනය බොඳවුනා
ඉතින් කරන්නකෝ අපිට මොකෝ
Nuwan හිතාගෙන ඉන්නේ ඇමෙරිකාව සකල සිරින් පිරි ස්වර්ගයක් කියලද? ඔයාට වැරදිලා. ඇමෙරිකාවේ සැබෑ තතු දන්නවනම් ඔහොම කියන්නේ නෑ.
ලංකාවේ තිබුන රැකියාවලින් අස්වෙලා, මෙහෙ තිබුන දේපල විකුණලා ග්‍රීන් කාර්ඩ් අරන් ඇමෙරිකාවේ ගියපු ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් දැන් මෝඩ වෙලා ඉන්නේ. එහෙ දවසකට පැය 10-12 වැඩකරලත් රැකියා 2-3 කරලත් හම්බවෙන වැටුපෙන් පුළුවන් යන්තම් ජීවත්වෙන්න ,වයසට ගියත් වැඩ කරන එක ඇරෙන්න වෙන දෙයක් නැහැ , වාර්ෂික නිවාඩු තිබෙන්නේ දින 7 විතර , සල්ලි ටිකක් ඉතුරු කරගන්න වෙන්නේ හරිම අමාරුවෙන් ,
අපේ රටේ නායකයින් රට ජනතාව ත්‍රස්තවාදෙන් ආරක්ෂා කරගන්න පසු ගිය කාලවලදී මහත් වෙහෙසක් ගත්තා වගේම නොයෙකුත් අවස්තාවන්වල නොයෙකුත් තීන්දු තීරණ වලට එලඹුනා. ඒ ඔවුන් තම ජනතාවගේ ඡන්දෙන් පත්වුන ජනතා නියෝජිතයන් නිසා. ඒවගේම ඇමරිකාවත් අද ත්‍රස්තවාදයට බොහෝ සේ ගොදුරුවෙමින් තිබෙන අවස්තාවක එරට ජනතාව විසින් පත් කල නායකයෙක් වශයෙන් ට්‍රම්ප් තීන්දු තීරණ ගත යුතුයි. එම රටේ තම ජනතාව ආරක්ෂා කරගන්න. අද දිනයේ ප්‍රංශ ජනාධිපති වරයාත් එවැනිම දැඩි තීන්දු තීරණ අරගෙන තිබෙනවා ප්‍රංශ ජනතාව ආරක්ෂා කරගන්න. ඇමෙරිකානු ජනාධිපති වරයා පවසා සිටියේ අප රටට අවශ්‍ය සුදුසුකම් තිබෙන උගතුන් මිසක් ලොතරැයියක් ජයගෙන රිංගන ඕනෑම තරාතිරමේ අය නොවේ කියයි.
ලංකාවට ඔය ලෙඩේ දාන්න එපා. දැම්මත් බෞද්ධ සහ ක්‍රිස්තියානි අයට එන්න ඉඩ තියන්න.
ඇත්තටම ඇමරිකාව සකල සිරින් පිරි ස්වර්ගයක් තමා. ලබන ආත්මෙත් මෙවැනි දියුණු රටක ඉපදේවා කියල පතනවා
ඔබ ඇමරිකාවට යාමට පෙර, ඒ රටේ, ඒ පළාතේ පුවත් පත් වල රැකියා පුරප්පාඩු දැන්වීම් කියවන්න. ඔබේ සුදුසුකම් වලට ගැලපෙන රැකියා ඇති දැයි දැනගන්න. සතියකට වැඩ කරන්න ලැබෙන දවස් හා පැය ගැන සොයා බලන්න. ජිවත් වෙන්න යන එම පළාතේ ගෙයකට ගෙවන්න වෙන කුලිය ගැන දැනගන්න. ඔබ ලංකාවේ රුපියල් 30000 කට වඩා මාසික වැටුපක් ලබන, ඔබේම නිවසක් හා මෝටර් රථයක් හිමි නම්, සතියකට සැරයක් චිකන් බුරියානියක් කන්න වත්කමක් ඇත්නම් ලංකාවේ ඉන්න.
සල්ලි හම්බ කරන්න බලාගෙන වෙන රටකට යන්න එපා. ඒ රටේ ජීවත්වෙන්න කැමතිනම් විතරක් යන්න.
මෙහෙම එකක් තියෙනවා , අපේ ලංකාවට කෙලවිලා තියෙන්නේ ඔය අන්තවාදී දේශපාලනයයි . එකෙන් කව්ද දැන් අසරණ වෙලා ඉන්නේ , ඔය වගේ අදහස් වලින් පිරුණු කොටසක් විතරයි. ...මේ දේශපාලන ක්‍රමයෙන් කවුද දිනුවේ ? .. දැන්ඔය අන්තවාදීව දගලන , පවුල් දේශපාලනය කරපු පිරිසක් ඉන්නවනේ ,අන්න ඒ අය තමයි .. පොඩි මිනිහව ඔඩොක්කුවට තියාගෙන වැජඹෙන කට්ටිය... එක මේ ලංකාවේ ඉන්න ,.. දේශපාලනයෙන් අන්ධ වී අදුරේ අතගාන අයට.. මෙහි වටිනාකම තේරෙන්නේ නැ....එක නිසා දැන් මෙතන වෙලා තියෙන්නේ වෙන ප්‍රස්නයක් ,ඉස්ලාම් ජාතිවාදී අය විසින් කරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් .. මේවා ඒ රටට විතරක් නෙවෙයි .. තව අවුරුදු කීපයකින් . ලංකාවට වෙනදේ බලන්නකෝ .. දැන් ඔය රටේ ඉන්න පාලකයෝ නිසා .. එම නිසා මගේ පෞද්ගලික අදහස නම් මෙන්න මේ අදහස් ඔක්කොම එකතු වී විනාශ කල යුතුයි ... එහෙම නොවුනොත් .. අපේ මතු පරපුරක් නොමැත. ..
ග්‍රීන්-කාඩ් එක නිකන් දෙනවා උදේ 8ට කලින් එන්න කිව්වොත් බලන්න තිබ්බා. මෙහි කොමෙන්ට් දාන බක පණ්ඩිතයෝ පෝලිමේ දුවගෙන එන හැටි ගන්න.
ට්‍රම්ප් මහත්තයා ත්‍රස්තවාදීන්ගෙන් රට ආරක්ෂා කිරීමට ඔහොම කළාට අපේ රට නම් ඕනෑම සරණාගත ත්‍රස්තයෙක් භාර ගන්න සුදානම්....
සතියකට පැය 10-12 වැඩකරලා මෝටර් රථයක් ගන්න පුළුවන්, හැබැයි නිවාඩු දිනවල වැඩිපුර කාලය ගෙවන්න වෙන්න අලුත්වැඩියා කරන ගරාජ් වල.
ප්‍රියන්ත NY ඇමරිකා යුරෝපා රටවල් ස්වර්ගයක් නෙමේ එත් කාලා බීලා ඉන්න පුළුවන්. සැනසිල්ලේ. ඒකයි ඇත්ත. තමන්ට යන්න බැරිනම් හෝ ආසාවක් නැත්තන් හොද දියුණු රටකට යන්න ආස කරන යන කෙනාට යන්න දෙන්න හිත හදලා. අපේ මනුස්සයෙක්ට හරියනවනම් ඒ ඇති. අනික වැරදි කියන්න රටකට ඔබ ගිහින් තියෙන්න ඕන. සිල්වා වගේ අය ඇමරිකාව ගැන දන්නෙ නැතිව කොමන්ට් කරනවා... මෙහේ ජීවත් වෙන්න රැකියා 2-3 කරන්න නම් ඕනෙනෑ. පැයට $10-12 රැකියාවක් ෆුල්ටයිම් කලත් වාහනයක් තියාගෙන අපාට්මන්ට් එකක් අරගෙන හොදින් ජීවත් වෙන්න
ලුණුයි බතුයි කාලා හරි තමන් වැටුණු පසේ පැලවෙලා හිටපල්ලා. ඇමෙරිකා කුඩම්මා ලස්සන ඇති... දුප්පත් වුණාට අපිට එහෙම නෑ.... අපි අහිකුණ්ඨකයෝ නෙවේ. අතන හොඳයි, මෙතන හොඳයි කියල යන්න.. ඕව හොඳයි බලල එන්න...