( සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.
ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.
ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ මෙම තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයටපත් කළේය.



( ඡායාරූප -සිතුම් චතුරංග)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආණ්ඩුව පාලනය කරන්නේ වැඩකට නැති ජාතියක්.
බොදු ජනතාව විශාල වශයෙන් සිටින අපේ රටේ සඟරුවනක් අදාහන කිරීමට උසාවි තීරණයක් ගෙන පැරණි යුද හමුදා කඳවුරක එම අවසාන කටයුතු කිරීමට නියෝග කිරීම ඇත්තෙන්ම බොදුවන් ලැබූ අතුල්පහරක් නොවේද? අපේ රටේ පන්සල් සහ කෝවිල් අතර තිබෙන ආගමික සංහිඳියාව මේ තීරණයෙන් මොනවට පැහැදිලි වෙනවා!!! පන්සල් තිබෙන රටේ උසස්ම පුදබිම්වලත් කෝවිල් හැරෙන්නට මුස්ලිම් පල්ලි පවා තිබෙන බව අප දැක තිබෙනවා.. අපේ හිමියන්ට නීතිය එරෙහි වුණත් උතුම් නිවන් සැප ලැබේවායි පතමි..!
මධ්‍යම කඳුකරයේ විදුලිය මොවුන්ට දීම රට මැද අපට අගවුරවයක්.
මේ මිනිසුන් ඉන්දියාවෙන් ලංකාවේ තේ දළු නෙළන්න ඇවිත් , දේශපාලකයින්ගෙ අදූරදර්ශි ක්‍රියා නිසා පුරවැසියන් වෙලා , (ඇතැමුන් තවම පුරවැසියන් නොවනවත් ඇති) කොහොමද නටන නාඩගම්. පාළකයන් කියලා පඹයන් ඉන්නකොට ජාතියටම හෙන වදිනවා
රටකට ගිය කලක්... නවන නීතිය, නැවෙන නීතිය අතරේ.. ආදාහනය කරන්නටත් උසාවි නියෝග.. ගන්න වෙලා..
පන්සලෙන් පිටත ආදාහනය කරන්නේ ඇයි? ආණ්ඩුවට කෙලින් තීරණයක් ගන්න බැහැ...!
මුලින්ම විහාරේ නාම පුවරුව ගලවන්න කිව්වා.. දැන් නාහිමියන්ගේ දේහය පාරේ තියලා ආදාහනය කරන්න කියනවා... තව ටික දවසකින් කියයි පිරිත් කියන්නත් එපා කියලා.. මෙහෙ අපේ නායකයන් වෙන්න දඟලන අය තිරුපති යනවා...
සත්‍ය සැමදා ජයගනී. මුහුදුබඩ පත්තුව ප්‍රාදේශිය සභාව සහ මුලතිව් පොලිසියට ස්තුතියි.. එම භූමිය කෝවිලේ ඉඩමක්...
කතාවට කියන්නෙත්, ව්‍යවස්ථාවේ තියනවා කියන්නෙත්, අලුතින් ගේන ව්‍යවස්ථාවේ නොවෙනස්ව තබනවා කියන්නේත් "බුදුදහමට ප්‍රමුඛතාව" දෙනවා කියලා. එ්ත් අපවත් වූ හාමුදුරුනමකගේ ආදාහනය වත් අදාළ පන්සලේ තියන්න ඉඩක් නෑ.
දෙමළ ජනතාවට මිනිසුන් විදියට අපි ගෞරව කලාට ඔවුන් ඉන්දියානුවෝ කියල ඔහුන්ට අමතකවෙලා.
ඔන්න ඕක වෙන්නැති සංහිඳියාව කියන්නේ... කොහෙද ඉතින් දැන් විධායකයට වත් මුකුත් කරන්න බැහැනේ...
ලංකාව පුරාම පන්සල් වල තියෙන ඔක්කොම දේවාල වහල දාන්න ඕනේ, සිංහල මිනිස්සු දේවාල කෝවිල් ගානේ යන ඒවත් වහාම නවත්තලා ලංකාවේ අනිත් පළාත් වල තියෙන දේවාල වල කපුවෝ මැරුනහමත් අපි උසාවි යන්න ඕනේ. බුදුන්ට පූජා කරපු රටේ බුද්ධ පුත්‍රයෙක්ක්ගේ අදාහන කටයුතු කරගන්ඩ බැරි අපි ලැජ්ජාවෙන්න ඕනේ.
අපේ හාමුදුරුවන්ට ගිය කල..... යුද්දෙකින් පරාද වෙලත් මෙච්චර හයියක් නම්.....
අගමැති කතිරය වෙනුවෙන් ආගම ජාතිය පාවලා දෙන්නේ අදක ඊයෙක ඉදල නෙමේනේ.