(හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල - අතුරුවෙල ප‍්‍රදේශයේ උත්සව ශාලවක පැවති මංගල උත්සවයකට සහභාගී වු තිදෙනෙකු අනාරකෂිත ළිඳකට වැටීමෙන් මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි.
දඔදෙණිය ප‍්‍රදේශයේ පදිංචි පොලිස් විශේෂ ඒකකයට අනියුක්ත සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන මහින්ද කරුණාරත්න (39) හා මාරවිට දඔදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසාද් අධිකාරි (38) සහ එම ප‍්‍රදේශයේම පදිංචි අජන්ත ලාල් කුමාර (41) නැමැති අය වේ.
COMMENTS
කනගාටුයි. මත් පැන් වල ප්‍රතිපලයක්ද?
ඔය ගම්මුන්ට මොළයක් නැද්ද ළිඳක් කැපුවාම වටකරන්න..?
අපරාදේ අපේ ගම් පළාතේ අය... ආරංචි හැටියට, ලිඳ උඩින් අැස්බැස්ටෝස් එකක් දාල තිබිලා. අැස්බැස්ටෝස් එක උඩින් යද්දී ඒක කඩාවැටිලා එක් කෙනෙක් මුලින්ම වැටිලා. අනෙක් අය බේරගන්න පැනලා. අජන්තලාල් මහතා කියන්නේ මේ පැත්තේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්.
නියම කට්ටිය. ඇති පදමට බීලාද දන්නෑ...
පුදුමයි පොඩි ළමයි 3 දෙනෙක් නම් පිළිගන්න පුළුවන්.. සුරාවේ ප්‍රතිඵලයක් නේ..
මේක සුරාවේ ප්‍රතිඵලයක් වෙන්නේ කොහොමද? ළිඳේ තියෙන්නේ වතුරනේ. මේවා වතුර පෙවිලා සිදුවූ මරණ මිසක් සුරාව පෙවිලා සිදුවූ දේවල් නෙවෙයි.
මේ සිද්ධියට වැරදි අර්ථකථන දෙන්න එපා. අජන්ත ලාල් හැර අනෙක් දෙන්නා බීලා හිටියට වෙඩින් එකේ හිටපු අනික් බීපු අය තමයි මේ අයව බේරගන්න ඉඩදුන්නේ නැත්තේ. අජන්ත ගෙදර ඉඳන් ඇවිත් තමයි මේ සිද්ධියට මුහුණපාන්න සිදුවුණේ. මේ ළිඳ මිනිස්සු නොයන තැනක තියෙන එකක්... මේකට වග කියන්න ඕනේ, මේ අයව බේරගන්න ඉඩදුන්නේ නැති බීපු අයයි.