(නිමන්ති රණසිංහ)

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අවතැන් ජනතාව වෙත බෙදා හැරි බව කියමින් කූඨ ලේඛනයක් සහිත ලේබලයක් ඇලවූ කෙසෙල් ගෙඩි දෙකක් සහිත ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලා ගිණුම් හරහා ප‍්‍රචාරය කළැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු වාර්තා කර තිබුණේ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් ජුනි මස 05 වැනිදා කරන ලද පැමිනිල්ලකට අනුවය.