( දිල්රුක්ෂි ග්‍රේරු )
ශ්‍රී ලංකාවේ ගම්මිරිස් මිල සීඝ්රයෙන් පහළ බැසීමට ගම්මිරිස් ආනයනය සෘජුවම බලපා ඇතැයි ගම්මිරිස් නිෂ්පාදනය හා වෙළෙඳපොළ තත්ත්වය ඇගයීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව පෙන්වා දෙයි.
එම වාර්තාවේ සඳහන් පරිදි ගම්මිරිස් ආනයනය කිරීමේදී ඒ සම්බන්ධව රජය නිසි ප්‍රතිපත්තිමය පියවරක් නොගැනීම, අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ආනයන හා අපනයන ක්‍රියාවලියේදී එය විධිමත් අයුරකින් සිදු කර නොමැති වීමද මිල පහළ බැසීම සඳහා හේතුවී ඇතියි සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ඵලදාව නෙළන කාලසීමාවේදී විශේෂ බදු සහන සහ අඩු මිල ගණන් යටතේ වෙනත් රටවල් කිහිපයකින් ගම්මිරිස් ආනයනයද, ලංකාවේ ගම්මිරිස් ඵලදාව,ආනයන වෙළෙඳපොළ හා පාරිභෝජනය ඉක්මවා අතික්තව පැවැතියද ඒ සඳහා අවධානය යොමු නොකර බදු සහන සලසා දීම දේශිය වෙළෙදපොල මිල පහළ බැදීමට හේතු වූ බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම ඉහළ මිළක් සහිත වෙළෙඳපොල පසුගිය කාල වකවානුවේදී ලංකාවට අහිමි වී ඇති අතර එය නැවත අත්පත් කර ගැනීම සඳහා අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවධානයද යොමු වී නොමැති බව එම වාර්තාවෙහි දක්වා තිබේ.
COMMENTS
දැනට පවතින සක්කිලි ආණ්ඩුව ගෙදර යනකම් අහිංසක ගොවි ජනතාවට කිසිම සහනයක් හිමිවෙන්නේ නෑ. මේ ආණ්ඩුව ගෙදර යවන්න හැම කෙනෙක්ම වෙහෙස විය යුතුයි.
මෙසේ ගෙන්වන පුද්ගලයන් රටේ ගොවීන්ට කරන්නේ ලොකු විනාශයක්. එක්කෝ ගෙන්වන ඒවාට විශාල බදු ගහන්න ඕනෑ. එහෙම නැත්තම් ගෙන්වන්න අවසර ගැනීම අනිවාර්යයෙන් කරන්න. ඊට පස්සේ අවසර නොදී හිටියාම හරි. සම්පූර්ණයෙන්ම ඇමති වගකියන්න ඕනෑ.
ඇමතිතුමා කියනවා අපනයන ගම්මාන 5000ක් හදනවා කියලා. රටින් ගෙනෙන විට ගොවියත් විනාශයි. ඇමැතිගේ බලාපොරොත්තුත් විනාශයි.
ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් මේ රටේ නිපදවා වැඩි මිලකට අපනයනය කළා නම් ගොවියාත් ගොඩ, පාරිභෝගිකයාත් ගොඩනේ...
ගම්මිරිස් රුපියල් 400යි, 450යි... කොහොමද ගොවියෝ ජීවත් වෙන්නේ?
ඒ උනාට සුපර් මාර්කට් වල රුපියල් 2000 යි.
ගම්මිරිස් ආනයනය කරන පුද්ගලයන්ට බොහෝදුරට දේශපාලන සම්බන්ධතා ඇති... ලංකාවේ විදේශ විනිමය ගැටලුවක් තියෙන්දි මේ විදියට රටේ වැවෙන දේවල ආනයනය කරන එක ලොකු ප්‍රශ්නයක් විශේෂයෙන් එම ගොවීන් පවා නිශ්පාදන විකුණගන්න බැරුව ඉන්නකොට
ගම්මිරිස් රුපියල් 1000-1500 අරන් කොහොමද පාරිභෝගිකයෝ ජිවත් වෙන්නේ ? ගම්මිරිස් මිල රුපියල් 1000 ට වැඩි වෙනකොට මිනිස්සු ඕව ගන්න එක සිමා කරනවා . එතකොට ඉල්ලුම අඩු වුනහම මිල පහත වැටෙනවා . කලාපයේ අනිකුත් රටවල වගාකරන්න ගම්මිරිස් නැව් ගාස්තු , රේගු බදු , ප්‍රවාහන ගාස්තු ගෙවලා රුපියල් 350 -450 දෙන්න පුලුවන්නම් , මොකද අපේ ගොවියන්ට මෙහෙ නිපදවන ගම්මිරිස් 450 ට දෙන්න බැරි ?