(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ පෞද්ගලික රෝහලක මළ අපද්‍රව්‍ය ගලි බවුසරයක් මගින් අද (18) අලුයම ප්‍රධාන මාර්ගයේ කානු පද්ධතියට බැහැර කරමින් තිබියදී එම ස්ථානය වැටලූ බවත් බවුසරයෙහි රියදුරා පළා යාම නිසා රෝහලෙහි එම කටයුතු භාරව සිටි පුද්ගලයා අත් අඩංගූවට ගත් බවත් ගම්පහ පොලීසිය පවසයි.
එලෙස අපද්‍රව්‍ය බැහැර කරන අයුරු දැක ඇති නගර සභා සෞඛ්‍ය අංශ පරීක්ෂකවරයකු විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
කානු පද්ධතියට අපද්‍රව්‍යය මුදා හැරීම නිසා මීට පෙර අවස්ථා දෙකකදී එම රෝහලට එරෙහිව නඩු පවරා ඇති බව ගම්පහ මහ නගර සභාව පවසයි.මෙම රෝහලින් බැහැර කෙරෙන එන්නත් කටු, සේලයින් බෝතල්, ප්ලාස්ටර් ඇතුළු අප ද්‍රව්‍ය පවා මාර්ගය අද්දර දමන තත්ත්වයක් පවතින බවද නගර සභාව පෙන්වා දෙයි.
එවන් අප ද්‍රව්‍ය තොගයක් ඉරිදා (16) රාත්‍රියේ මාර්ගය අද්දර දමා තිබියදී නගර සභා සෞඛ්‍ය අංශ සේවකයින් විසින් රැගෙන විත් තිබිණි.
රෝගීන් සුවපත් කිරීමේ යෙදී සිටින රෝහලක් මගින් මෙලෙස ජනතාව පීඩාවට පත් වන අයුරින් නීතිරීති මායිම් නොකර කටයුතු කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ගම්පහ මහ නගර සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.