(ඔගස්ටින් ප්‍රනාන්දු)       
නීති විරෝධී ගබ්සාවකට ලක්ව අධික ලෙසින් රුධිරය වහනය වීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත් 14 වන වියේ පසුවන පාසල් සිසුවියක් අද (01 ) උදේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පල්ලම පොලිසිය කියයි.
 

ඇගේ මව මේ වන විට විදේශ රැකියවකට ගොස් ඇති බවත් ඇය සිය පියා සහ සහෝදරිය  සමඟ  නිවසේ ගත කර තිබේ. ඇය තරුණයකු සමඟ  සබඳතාවක්  පවත්වාගෙන ගොස් ඇතැයිද තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය කියයි.
 
සිද්ධියට සැක පිට පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත.  පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ  සිදුකරයි.