(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරලැස්ගමුව- බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍ය යුවළක් ජීවත් වු නිවසක හදිසියේ හටගත් ගින්නකින් වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි වෛද්‍යවරිය මිය ගොස් ඇතැයි පොලසිය කියයි.
අද දහවල් වෛද්‍ය යුවළ සහ දරුවා නිවසේ උඩු මහලේ සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවත් පහත මාලයේ සිටි ඔවුන්ගේ මව නිවසින් එළියට පැන දිවි බේරාගෙන තිබේ.
අනතුරුව පොලීසියට කළ දැනුම් දීමකින් අනතුරුව නාන කාමරයේ සිහිසුන්ව වැටී සිටි දරුවා සහ වෛද්‍ය යුවළ කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරිය මිය ගොස් තිබේ. අය මිය යන විට පස් මස් ගැබිනියක් ව සිට ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.
මිය ගිය සුදර්ශි ඩයස් මහත්මිය (32) ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියක වන අතර තුවාල ලබා රෝහල්ගත කර සිටින ඇයගේ සැමියා අක්ෂි වෛද්‍යවරයෙකි.
බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි'




(ඡායාරූප- එච් එම් ධර්මපාල )




(ඡායාරූප බිමල් ශ්‍යාමන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සෝචනීය පුවතක්.
අපිට වුන ලොකු පාඩුවක්. එතුමියට නිවන් සුව
මෙඩිකල් සෙන්ටර් එකේ වයරින් වල ප්‍රමිතියේ ලොකු ගැටළුවක් තිබිලා තියනවා.
නිවන් සුව.ගිනි නිවන හමුදාව ස්ට්‍රයික් නම් තුන් දෙනාම ඉවරයි