තිලකරත්න දිසානායක
ගණේමුල්ල පහළ යාගොඩ ප්‍රදේශයේ පවුලක සිව් හැවිරිදි එකම දරුවා නොදැනුවත්කමින් නිවසේ තිබු පෙති වර්ගයක් පානය කිරීමෙන් මිය ගොස් ඇති බව ගණේමුල්ල පොලීසිය පවසයි.
සිය මවගේ යකඩ ඌනතාවයට ලබාදී තිබු පෙති වර්ගයක් නිවසේ තිබියදී නොදැනුවත්ව එය පානය කොට ඇති අතර එම අවස්ථාවේ මව නාන කාමරයේ සිට ඇති බවත් මවට ලබා දී තිබු එම පෙති දහයක් පමණ දැරිය විසින් පානය කොට ඇති බවත් පරීක්ෂණ වලදී අනාවණය වී යැයි ගණේමුල්ල පොලිසිය කියයි.
COMMENTS
යකඩ පෙති? ඒවාට මෙහෙම වෙනවද? ඒ කොයික වුණත් පොඩි දරුවෙක් ඉන්න ගෙදරක වැඩිහිටියන්ගේ යුතුකම බෙහෙත් ද්‍රව්‍ය අගුළු දමා ආරක්‍ෂිතව තැබීමයි. දරුවන් වැඩිහිටියන් අනුකරණය කරන්න පෙළඹෙන නිසා භයානක අනතුරු ඇතිවීමට පුළුවන්....
පෙති බිව් සැනින් රෝහලට ගෙන ගියානම් මෙම දරුවා බේරාගැනීමට බොහෝ ඉඩකඩ තිබී ඇත. වමනය කරවීමට සැලැස්වීමෙන් හෝ වස්ති කිරීමක් කරවීමෙන් හෝ මෙම අකල් මරණය වළක්වා ගැනීමට ඉඩ තිබිණි. ලංකාවේ දෙමව්පියන්ගේ නූගත් කම නිසා බොහෝ ළදරුවන් අඩු වයසෙන් අපෙන් වෙන්වීම හිතට මහත් වදයකි.