(අමල් වික්‍රමරත්න සහ ජේ.ඉඳුරුවගේ )

සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

නාවල පිහිටි සිය නිවසේදී ගෑස් නලයක ගෑස් කාන්දුවක් නිසා  උදුනක ඇතිවූ ගිනි කාන්දුවකින් දෑතෙහි සහ පාදයක පිළිස්සුම් තුවාල ලබා ඇති කුමාරසිංහ මහත්මියට තව දින දෙකක් පමණ රෝහල්ගතව සිටීමට සිදු වෙතැයි එම මහත්මියගේ පවුලේ සාමාජිකයෙක් පැවසීය.

කුමාරසිංහ මහත්මියගේ සුව දුක් බැලීම සඳහා මොහොතකට පෙර හිටපු  ජනාධිපති කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැමිණියේය.

පැයකට ආසන්න කාලයක් ගීතා කුමාරසිංහ මහත්මිය සමග කතා බහ කළ හිටපු ජනාධිපතිවරයා ඇයට ඉක්මන් සුවය පතා පිටත්ව ගියේය.