(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව දීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
තමා දන්නා හැටියට ඒකාබද්ධ විපක්ෂය ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැග ඇතැයි කී අගමැතිවරයා එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දීමට සිදු වුවහොත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසද කීය.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
COMMENTS
ආරක්ෂාව දීලා මහා පරිමාණයෙන් ජනතාවට තමයි ඒ බරත් කරගහන්න වෙන්නේ. බලය අයුතු ලෙස පාවිච්චි කරලා දැන් තනියම ඉන්නත් බයයි