(මනෝප්‍රිය ගුණසේකර)
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට(29) ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එසේ තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ස්මාරකයක් වෙන මෙය , රජයේ වියදමින් රජයේ ඉඩමක ස්ථාපිත කිරීමත් පහදලා දුන්නොත් හොඳයි, මෙයට වියදම් කලේ මහජන මුදල්ද නැද්ද ?
මෙයා දන්නවා එහෙනම් තමන් වරදක් කරලා තියෙන බව.
අඹ ගෙඩි තුනට (03) රිමාන්ඩ් එකේ මිලියන 4,000 ට කිසිම ප්‍රශ්නය නැතුව නිදහස ඉල්ලනවා. අර අහිංසක අම්ම අඹ අච්චාරු කන්න කඩා ගත්තේ කියල කියපුවහම තව ගෙඩි 16 ක් දාලා හිරේ යවලා නඩු දැම්මේ. මෙම තීන්දුව රටේ අප සැමට ඉතා වැදගත් වේවි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කිරීමට.
ඩී.ඒ රාජපක්ෂ කෙනෙක් ගැන අහන්න ලැබුනෙත් මේ අය බලයට ආවට පස්සෙයි. කලකට පෙර සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වූ ඔහු වෙනුවෙන් කෞතුකාගාරයක් හදනවනම් සේනානායකවරු, බණ්ඩාරනායකවරු, සර් ජෝන්ලා, ජේ ආර්ලා, ලලිත් ඇතුලත්මුදලි, අපි වෙනුවෙන් මැරුන කදිරගාමර්තුමා වැන්නවුන් වෙනුවෙන් කෞතුකාගාර රටපුරා හදන්න වෙයි.
මාත් නගර සභාවෙන් කීයක් හරි ඉල්ලගෙන මගෙ තාත්තව අනුස්මරණය කරලා මොනා හරි හදන්න ඕනෙ. කවුරු හරි කියනවද මෙතුමගෙ තාත්තා ලංකාවට කරල තියෙන විශේෂ සේවයක් අනික් මන්ත්‍රීලට වැඩිය. අපි මෙතුමා යුද්දෙදි කරපු දේවල් හදවතින් අගයනවා. ඒවගේම මේ වගේ දේවලුත් හෙලා දකිනවා. නීතිය කාටත් එකයි
හෘද සාක්ෂියට නිවැරදි බව ඔප්පු කල හැකිනම් ඇයි මේ බය ???
ඉල්ලන ඉල්ලන විදියට පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්න පුලුවන්ද? සාමාන්‍ය මිනිසුන්ටත් එහෙම වරප්‍රසාද තියනවද? කුඩු කාරයෝ, මංකොල්ලාකාරයෝ, ස්ත්‍රී දුෂකයන් එහෙම ඉල්ලුවොත්?
රජයේ දේපල කියන්නේ මහජනතාවගේ මුදල්. මේවා අව භාවිතා කිරීම වංචා සහගත දෙයක්. දේපල නීතිය නොව අපරාධ නීතිය අනුව ක්‍රියාත්මක වන්න. අනිත් අයටත් පාඩමක් වෙන්න ඕනේ මෙම සිද්ධිය. රජයේ මුදල් පුද්ගලික ඕනෑකම් වලට යොදවන්න බැරි බව තේරුම් කරලා දෙන්න.
අද ගොඩක් මිනිස්සුන්ට අමතකයි මේ මනුස්සයා රටට මොන තරම් සේවයක් කලාද කියලා . දැන් ඉන්න එවුන්ට හොරාකන්න හරි රටක් ඉතුරු කලේ මේ මිනිස්සය.අද මේ මනුස්සයා හිරේට දක්කන්න දඟලන්නෙ හොරකම් කරලා නෙමෙයි . පදනමකින් මුදල් ගෙවලා ඉවර වුණාට පස්සෙ තක්සේරුව වැඩි කරලා නඩු දාලා ඇතුළට ගන්නයි හදන්නේ.............
මෙයා ප්‍රභාකරන් කියල කෙනෙක් ගැන අහල නැද්ද. ඒ කාලේ එයා ඔයාලට ආදරෙන් සැලකුව නේද . එයා සිහිවෙන්න රජයේ වියදමින් ස්මාරකයක් හදන්න මන්ත්‍රී කෙනෙක් සල්ලි වෙන් කරලලු . එකට කමක් නැහැ නේද.
රටට අතිමහත් සේවයක් කල ඔබතුමා වැනි අයව හිරගෙට දල සතුටු වෙන අයත් ලංකාවේ ඉන්නවනම් මේ රටට මොන දෙවියන්ගේ පිහිට ලැබේවිද?. කොසොල් රජතුමාගේ සිහින දහසය ඇත්ත වෙන කාලේ දැන් වෙන්න ඇති.
මහ බැංකුවේ තිබුනේ කාගේ සල්ලිද දන්නේ නැහැ නේද?????????????
වැලිකඩ සමුහ ඝාතනය ගැන පරීක්ෂණ වල වර්තමාන තත්ත්වය කොහොමද?
ඇමරිකාවේ මෙන් නීතිය සැමටම සාධාරණව ඉටු විය යුතුයි. මෙයාට තවත් දරුණු ගනයේ චෝදනා තියෙනවා නේද?
කෙළෙහි ගුණ නැති ජාතියක් ඉන්න රටක්
රට බේරා ගන්න අපමණ වෙහෙසක් ගත්තා. ඉතා අගේ කල යුතුයි. එත් එසේ උනා කියලා රටේ සම්පත් අවභාවිතා කරන්න බලය දුන්නේ කවුද. මේ මනුස්සයට තමුන්ගේ බිරිදව සහෝදරිව දෙනවද, රට බේරා ගත්තා කියලා? ගෝඨාභය කියන්නේ කවුද කියලා එයාගේ හදවත, එයාව ඇසුර කරපු අය විතරයි ඒ ගැන හරියටම දන්නේ. රටේ නිතිය කෙසේ උවත් සොබාදහමේ නිතිය මොකටවත් වළක්වන්න බැහැ. රට බේරා ගත්තා කියලා රටේ හැම සැප සම්පතක්ම තමුන්ගේ වෙන්නේ නැහැ. එහෙනම් අනිත් රණ විරුරොත් තමුන්ගේ මල ගිය නාදයන් වෙනුවෙන් මිලියන ගණන වියදම් කරලා ස්මාරක හදන්න ඕනේ.. එතකොටද සැප? රටට ආදරේ කරන්න හදවතින්ම රට ගැන හිතන උන් විතරයි. නාමික කඩ බෝඩ් වීරයන් නෙවෙයි.
ගුණරත්න ඔබ රාජකාරි කරන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේද?