(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන නොවැම්බර් 27 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.
මෙම පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීම හේතුවෙන් අධිකරණය පෙත්සම් විභාගය මෙදිනට කල් තබන ලදී.
මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීමත් සමඟ මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වී සිටිති.
ඒ අනුව පිළිවෙළින් ඊවා වනසුන්දර ,බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්ව සිටිති.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්,පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
ලබන නොවැම්බර් 27 වැනි දා පෙත්සම යළි කැඳවේ.
මිග්යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට තමා කැඳවා ඇති බව පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සිටි පෙත්සමින් පෙන්වා දේ. එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.
COMMENTS
අැත්තටම මොකද මේ විනිසුරුතුමන්ලා මේ පෙත්සම් විභාගයෙන් ඉවත් වෙන්නේ කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? මට හිතෙන්නේ මේ නීතිගරුක, යුත්තිගරුක වුවත් මේවාට මැදිහත් වී යුක්තිය පසිඳලීම තුළ අනාගතයේ දී තමන්ට යම් අහිතකර තත්වයක් අැති වේය යන නිගමනය මතද? එක්කෙනෙක්නම් කමක් නෑ හතරදෙනෙක්
විනිසුරුවන්ට නඩුවක් භාර දෙනකොට එම නඩුව තමන්ට විභාග කරන්න පුලුවන්ද බැරිද කියලා තීරණය කර ගන්න බැරී කමක් නැහැනේ. එහෙම නඩුව අතර මගදී විනිසුරුවන් ඉවත්වෙන්නේ කාගේ හෝ බලපෑමක් නිසා යයි උපකල්පණය කරන්න වෙනවා. මේ නඩුව විභාග කරන්න මේ රටේ විනිසුරුවරයන් මොන යම් හේතුවක් නිසා හෝ මග හරිනවා මේ නඩුව දිගින් දිගටම කල්යෑම වැලැක්වීමට හා සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සදහා විදේශිය විනිසුරුවන්ගේ සහාය ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය වහාම පියවර ගත යුතුය.
යම් යම් අවස්ථාවල විනිසුරුවරු නඩුවලින් අයින් වෙනවා ඒ නඩුවල පාර්ශවකරුවන් පුද්ගලිකව දන්නවනම් වගේ කරුණු උඩ. මෙතනදීත් එහෙම වෙන්න පුළුවන් මොකද මේ විනිසුරුවරුන් බොහො දෙනෙක් කලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳලා අධිකරණයට උසස්වීම් ලබා පැමිණි අය නිසා. නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරනවිට බොහෝ රජයේ ඉහල නිලධාරින් සමග කිට්ටුවෙන් ක්‍රියා කරන්න සිදුවෙනවා. නඩුවේ පෙත්සම්කරු කලින් රජයක ඉහලම තනතුරක් දරපු නිසා එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ඉල්ලා අස් වෙලානම් එය අධිකරණයේ ස්වාදීනත්වය සහ නීතියේ ආධිපත්‍ය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් මතුකරනවා.
“රටක් “ යනු එහි භූමිය හෝ එක කණ්ඩායමක් පමණක් ද ? නීති පද්ධතිය මොන හේතුවකට හෝ අකර්මන්‍ය වුවොත්, රටක් පවතීද ? රටකට එහි ක්‍රියාත්මක පද්ධතීන් සාධාරණ ලෙස පැවතීමත් , සියලුම පුරවැසියන්ට සාධාරණව නීතියේ පිළිසරණ ලැබීමටත් පුළුවන් විය යුතුයි .
මෙහි කාරණා කිහිපයක්ම තියෙනවා 1 වරදක් කරලා නැත්නම් අදාල පරික්ෂණ වලට මුහුණ දි තම නිර්දෝෂිභාවය ඔප්පුකල හැක. 2 යුක්ති ගරුක අධිකරණයක්නම්, අදාල පෙත්සම්කරුට පරික්ෂණවලට මුහුණදෙන ලෙසත් යම් අසාධාරණයක් වෙනබව පෙනියන්නේනම් පමණක් නැවත අධිකරණය සහය පතන ලෙස නියෝග කල හැක. 3 මෙසෙ අධිකරණ තිරණ ඉතා දිගු කාලිනව කල්දැමිම යුක්තියට පරික්ෂණ ආයතනවලට මෙන්ම සැකකරුවන්ටද අසාධාරණකි. 4 ඕනැම අපරාධකරුවකුට මෙවැනි ඉල්ලිම් කිරිමෙන් දඩුවම් කල්දාගත හැකිද? එය ආදර්ශයට ගනිවිද?
මාස 6ක් තව ඇදගෙන යන්න
ගෝඨා ජනපති වීමට පෙර මෙසේ නම් වූ පසුව කොහොම සිටීද.?
අපේ මේ ටිරාන් මහත්තය කියන කතා වලට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියල මම කල්පනා කරන්නේ. නීතියෙන් 100%ක සාධාරණයක් ඉටු වෙන්නේ නැති හින්ද ගෝඨාභය මහත්තය නඩු මග හරිමින් ඉන්නවා 2020 බලයට එනකල්.
2005ට කලින් ලොස් ඇන්ජලස්වල හිටපු මෙයාවත්, බැසිල්වත් දන්න අය දන්නවා මෙයාලා හොරකම් කලාද නැද්ද කියලා. නීතිය විසඳුවේ නැතත් 'කර්මය' සේරම විසඳාවි.
නීතිය කල් දමාගත්තත් කර්මය කල් දාගන්න බෑ.