සිතුම් චතුරංග
අලෙවි කිරිම සඳහා ග‍්‍රෑම් අටයි මිලිග‍්‍රෑම් 360 බර ගජමුතුවක් රැගෙන යමින් සිටි හිටපු කොටි සාමාජිකයකු හා තවත් පුද්ගලයකු වවුනියාව තාණ්ඩිකුලම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
වලාන දුෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් උපාය ධූතයකු යොදවා ගජමුතුව මිලදී ගැනීමට පැමිණෙන අයුරින් වැටලීම සිදුකර සැකකරුවන් හා ගජමුතුව අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ගජමුතුව කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සඳහා සූදානම් වී සිටි බවට හෙළිවී තිබේ.
සැකකාර හිටපු කොටි සාමාජිකයා විසින් ගජමුතුව කිසියම් අයෙකුගෙන් ලබාදෙන ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවද පැවසේ.
සැකකරුවන් වවුනියාව, පාවක්කුලම හා කෝවිල්පුලියංකුලම පදිංචි වයස අවුරුදු 35 ත් 27 අතර වයසේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගජමුතු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd