IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගජේන්ද්‍රකුමාර්ගේ කතාවට පාර්ලිමේන්තුවේ විරෝධය

(බන්දුල ඉලේපෙරුම)

ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාට නොසලකන බවත් යුද අපරාධ කළ බවත් කියමින් ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අද(21) පාර්ලිමේන්තුවේදී සිදුකළ කථාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කිරීමත් සමග සභාව උණුසුම් ස්වභාවයක් ගත්තේය.


එහිදී සරත් ෆොන්සේකා මහතා නැගී සිටිමින් හමුදාපති කිසිදු යුද අපරාධයකට දායක න‍ොවූ බවත් මෙවැනි දේ කීම වැරදි බවත් කියා සිටියේ දැඩි ස්වරයකිනි. අහිංසක නිරායුධ වැසියන් ඝාතනය කළේ එල්ටීටීඊ සංවිධානය බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.


පොන්නම්බලම් මන්ත්‍රීවරයා ජාතිවාදය අවුස්සමින් කරන කථාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ ඉන්දික අනුරුද්ධ මහතා ඉල්ලා සිටියේය.


ශ්‍රී ලංකා රජය යුද අපරාධ නොකළ බවත් දෙමළ ජනයා ඝාතනය කළ බව කියමින් රජයට චෝදනා කරමින් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිදුකරන කථාව ජාතිවාදය ඇවිස්සීමක් බවත් කියමින් නිමල් ලංසා ඇමැතිවරයාද සභාවේ නැගී සිටිමින් ඊට විරෝධය පළ කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම එම කථාවට විරෝධය පළ කළ අතර විරෝධතා මැද පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය කථාව සිදු ක‍ළේය.



අදහස් (6)

ගජේන්ද්‍රකුමාර්ගේ කතාවට පාර්ලිමේන්තුවේ විරෝධය

Demuni Uduwara Saturday, 21 November 2020 01:51 PM

නිර්දෝෂී කෙනෙකු නැහැ...

:       45       4

BamunuarachchiSunday, 22 November 2020 12:20 AM

ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ සහෝදරයෙක් වගේ ...

:       0       0

Sk Saturday, 21 November 2020 03:26 PM

කොටි තාම නැති වෙලා නැහැ වගෙයි.

:       6       41

Bamunuarachchi Sunday, 22 November 2020 12:22 AM

මේ ගොයියගේ පොටෝ එකක් දාන්නකෝ...? ඒ කාලේ රනිල් ගොයියා හින්දා ඔහෙලා බේරිලා යහතින් ඉන්නවා.

:       0       0

Amintha Sunday, 22 November 2020 04:38 AM

මෙකෙන් පැහැදිලියි .... යුද්ධයට නායකත්වය දුන්නේ කවුද කියලා. SF ගේ කේන්තිය සාධාරණයි.

:       0       5

විජේ Sunday, 22 November 2020 08:36 PM

ගජේන්ද්‍රන්ට මොනවත් කියන්න එපා. අපි මොනවත් කියන්නේ මොකටද...? අම්බලමට කලින් තියෙන්නේ ඔය කියන්න ඕනේ දේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 827 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site