(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි ගඟට සම්බන්ධ නාගලගම් වීදිය, කළු ගඟට සම්බන්ධ පටුපාවුල සහ ගිං ගඟට සම්බන්ධ බද්දේගම යන ප්‍රදේශවල ගංවතුර අවදානම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද 27 සවස 3.30ට නිකුත් කළ අනතුරු ඇඟවීමේ දැක්වේ.
අදාළ ගංඟාවල ඉහළ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාවත් සමඟ නාගලගම් වීදිය, පටුපවුල හා බද්දේගම යන ප්‍රදේශවල ගංවතුර අවදානම වැඩි වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අතරවාරයේදී ඉහත ගංඟා ත්‍රිත්වයට සම්බන්ධ හංවැල්ල, රත්නපුර, මිල්ලකන්ද හා තවලම යන ප්‍රදේශවල ජල මට්ටම පහත යමින් තිබුණ ද තවමත් ගංවතුර තත්ත්වය පවතින බව ද එම දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වේ.
ඉහත අවදානම් කලාප හැර කැලණි, ගිං, කළු, නිල්වලා සහ අත්තනගලු ඔය යන ගංඟාවල ජල මට්ටම පහත යමින් තිබුණ ද ගංවතුර තත්ත්වය පහත ගොස් නැති අතර අවදානයෙන් සිටින්නැයි බලධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගඟ පහළ දෙපස ගංවතුර අවදානම ඉහළ යයි