(හර්ෂණ තුෂාර සිල්වා)


කැලණි, කළු, ගිං හා නිල්වලා යන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යන බැවින් හැකිතාක් දුරට ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි රජය දැනුම් දෙයි.


කැලණි ගඟට සම්බන්ධ හංවැල්ල, කළු ගඟට සම්බන්ධ රත්නපුර, මිල්ලක්නද හා පුටුපවුල, ගිං ගඟට සම්බන්ධ බද්දේගම සහ නිල්වලා ගඟට සම්බන්ධ දූනමලේ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපර්තමේන්තුව ඊයේ (26) රාත්‍රී නිකුත් කළ වාර්තා වේ දැක්වේ. මිල්ලක්නද, පුටුපවුල, බද්දේගම හා දූනමලේ ප්‍රදේශවලට ගංවතුරක් ඇතිවීමේ තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව ද එහි දැක්වේ


මේ අතර කැලණි ගඟ මායිම්ව පිහිටි කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය තවදුරටත් වැඩි වෙමින් පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ රාත්‍රීයේ ඇති වූ වර්ෂා තත්ත්වයත් සමඟ ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් ඇති බැවින් ගංඟා දෙපස සටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි හැකිතාක් කඩිනමින් ආරක්ෂිත පියවර ගන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.