සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර තිබේ.
අසාධාරණ තරගය වැළැක්වීම සඳහා තිබෙන රෙගුලාසි උල්ලංඝණය කිරීම නිසා “ඇල්ෆබට්(ගූගල්)” ගූගල් ඒකකයට මෙසේ දඩ නියම කර තිබෙන අතර දැනට විභාග වෙමින් තිබෙන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද සමාගමට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිත යැයි වාර්තා වේ.
ලොව ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ලෙස සැලකෙන ගූගල් සමාගමට තම බඩු භාණ්ඩ සැපයීමේ සේවයට පක්ෂපාතී වීම නවතා දැමීමට දින 90ක කාලයක් ලබාදෙන බවත් අදාළ කාලය තුළ දී නිසි රෙගුලාසිවලට අනුකූල නොවුණහොත් ඔවුන්ගේ දෛනික ගෝලීය ආදායමෙන් තවත් සියයට 5ක මුදලක් අය කරගන්නා බවත් යුරෝපා කොමිසම නිවේදනය කර තිබේ.
ගූගල් සමාගම සෙවුම් කටයුතුවලදී තම සේවාවලට ප්‍රමුඛත්වය දී තිබෙන බව අනාවරණය වී ඇතැයි ද දඩය නියම කරමින් යුරෝපා කොමිසම සඳහන් කරයි.
(රොයිටර් ඇසුරෙනි-055)
COMMENTS
අපේ ඩිජිටල් ඇමති වෙලාවට රටින්පිටමන් කළේ.
මේවගේ දේවල් ඕනෑම සමාගමක් තමන්ගේ ව්‍යාපාරික පැවැත්මට කරනවා. එත් ඒවා පාරිභෝගිකයන්ට අවහිරයක් වෙන්නේ නැති වෙන්න ඕනි. අපිට නම් බය වෙන්න දෙයක් නැ. අපිට ඉන්නේ ලෝකේ ඉන්න සුපිරිම ඩිජිටල් අැමතිනේ....