IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කළු - අත්තනගලු ගංගා තවමත් ගං වතුර මට්ටමේ

ඩයනා උදයංගනී
 
කළු ගඟ, අත්තනගලූ ඔය හැරුණු විට සෙසු ප‍්‍රධාන ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 
කළු අඟ අද (23) දහවල් වන විටත් සුළු ගං වතුර මට්ටමක පැවති අතර එහි ඉහළ ජාලා ධාරා ප්‍රදේශවලට ගතවූ පැය 6ක කාලයේ තද වැසි ලැබී ඇති බැවින් එහි ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
 
 අත්තනගලු ඔය ගං වතුර මට්ටමේ පැවති අතර එහි ජල මට්ටමද තව දුරටත් ඉහළ යාමේ හැකියාවක් ඇති බව මාලා අලවතුගොඩ මහත්මිය ප‍්‍රකාශ කළාය.
          
එබැවින් එම ගංගා අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද ඇය කීවාය.
          
කැලණි ගඟේ ජල මට්ටම බොහෝ තැන්වල සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති නමුත් නාගලගම්වීදිය මාපකය ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බව කී අධ්‍යක්‍ෂවරිය ජල ධාරා ප‍්‍රදේශයට තද වැසි ලැබී නොමැතිකම හේතුවෙන් එහි ජල මට්ටම සෙමින් පහළ යමින් පවතින බව ද සඳහන් කළාය.
 
ගිං ගඟ සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇතත් බද්දේගම ප‍්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව කී ඇය නිල්වලා ගඟ ද අකුරැස්ස ප‍්‍රදේශයේදී සුළු ගං වතුර මට්ටමක පවතින බව කියා සිටියාය.
මහවැලි ගඟ සහ මා ඔය අද දහවල් වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ තිබූ බව ද ඇය සඳහන් කළාය.
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ජලාශ ගත් විට රාජාංගණය, දැදුරු ඔය, මුරුතවෙල වාන් දොරටු විවෘත කර ඇති බැවින් ඒ අවට ජනතාවද අවධානයෙන් සිටිය යුතු බව ඇය පැවසුවාය.
 
වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.   



අදහස් (1)

කළු - අත්තනගලු ගංගා තවමත් ගං වතුර මට්ටමේ

සතයපාල Wednesday, 23 May 2018 01:56 PM

දැන්නම් ලංකාවේ හැම ගඟක්ම පිටාර ගලනවා. හැම ජලාශයක්ම, වැවක්ම වාන් දමනවා. තව මාසයක්, දෙකක් ගියාම කියයි වගා කරන්න ජලය නැහැ, විදුලිය නිපදවන ජලාශ හිඳිලා... ඩිසල් බලාගාරවලින් රට දුවන්නේ කියලා. මේ ලැබෙන වතුර රඳවා ගන්න ආරක්ෂාකර ගන්න කාටවත් වුවමනාවක් නැහැ. වැඩකට නැති වරායවල්, ගුවන්තොටුපොලවල් හා වැඩි ඵල ප්‍රයෝජනයක් නැති අධිවේගි මාර්ග අටවනවට වඩා රටට වඩාත්ම ඵල ප්‍රයෝජනයක් ඇති මේ ජල කඳ රැක ගන්න පාලකයන්ට වගේම පාලිතයන්ටත් වුවමනාවක් නැත්තේ අර ජාත්‍යන්තර සමික්ෂණයට අනුව අපේ රටේ ජනතාව බහුතරයේ බුද්ධි මට්ටම මන්ද බුද්ධික මට්ටමට ලඟාවෙලා නිසාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site