ගාල්ල සිරංගිකා ලොකුකරවිට
බී බී සී පුවත් ඇසුරිණි
කොළොම්බියාවේ පුටුමායෝ දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 206ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රතු කුරුස සංවිධානය පවසන්නේ 220 දෙනකු පමණ අතුරුදන්ව 202ක් පමණ තුවාල ලබා ඇති බවයි.
පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව නිසා මෙම තත්වය ඇති වූ බවත් ගංගා වල ඉවුරු කැඩී පිටාර ගැලීම හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක් ද යටවී ඇති බවත් බලධාරීහු පවසති.
කොළොම්බියා ජනපති ජුවෑන් මැනුවෙල් සැන්ටෝස් මහතා විසින් එම කළාපය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.