(නිමල කොඩිතුවක්කු)
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත‍්‍රය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (16) පිළිගන්වන ලදී.
උන්වහන්සේගේ විජිනිපත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිළිගනුවනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක හිමියන්, අග්ගමහා පණ්ඩිත නාපාන පේ‍්‍රමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්, ආචාර්ය නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක හිමියන්, ආණමඩුවේ ධම්මදස්සී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක හිමියන් ප‍්‍රධාන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.
උත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක හිමියෝ විසින් සිදු කළ අතර ආචාර්ය නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක හිමියන් අනුශාසනාවක් සිදුකරනු ලැබීය.
බුරුම රාජකීය ඥාතීත්වයක් ඇති පිරිසක් ශ්‍රී සන්නස්පත‍්‍රය වැඩම කල අතර විජිනිපත තැන්පත් කල දෝලාව තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් පිරිසක් වැඩම කරවූහ.
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත ප‍්‍රසාද පූජක පිළිගැන්විම දෙස් විදෙස් බෞද්ධ සැදැහැවතුන් විසින් සිදුකරනු ලැබීය.
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් විසින් රචිත ධර්ම ග‍්‍රන්ථ ත‍්‍රනිකායික මහානායක හිමිවරුන්ට පිළිගැන්විම ද එහිදී සිදුකෙරිණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි.. අහළ පහළ අයට තව නඩු වැටෙයි..
ලංකාවේ දැන් මහානායක ස්වාමින් වහන්සේලා කී නමක් වැඩ සිටිනවාද? ඉන් ප්‍රධාන මහනායක ස්වාමින් වහන්සේ නමක් ඊයේ "අපේ රටේ බුදුදහම සමහර සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරකම් වලින් බේරා ගැනීමට කාලය එළඹී ඇති බව" ප්‍රකාශ කිරීමට සිදුවෙන තරමට කඩා වැටි ඇති වෙලාවක ඒ සඳහා සුදුසු පිළියමක් යෝජනා නොවී මොනවා කතා කළත් වැඩක් වෙන්නේ නැතිබවයි පෙනී යන්නේ...
දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත් ලැබේවා !!!
මේ අර හෙළඋරුමය පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා මුලින්ම පාර්මේන්තුවට වැඩම කළ, මහින්ද රෙජිමයේ පාර්ලිමේන්තු සභාවාරයකදී ඉස්මතු වූ කලබල අවස්ථාවක දී සිදුකළ පහරදීමකින් රෝහල් ගත වී ඉන්පසු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. නීතිවිරෝධීව අලි තියාගෙන සිටි යැයි කියන පන්නිපිටියේ දෙව්රම් වෙහෙරේ වැඩවාසය කරන එහි කෘත්‍යාධිකාරි ගරුතර ස්වාමීන්වහන්සේ නේද?
ජාතියයි, ආගමයි ගැන බොරු කැක්කුමකින් නැවත වහල්ලු අන්දන්න හදන අයට පාර්ලිමේන්තුව තුළදීම කරපු නින්දිත අවමානයක් නේද? කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට දීර්ඝායුෂ පතමි..
අපොයි තවත් නිකාය පාර්ශවයක්... ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ කිව්වේ ධර්ම විනය ගුරු තනතුරේ තියාගන්න කියලයි.