
(නිමන්ති රණසිංහ)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තම සහෝදරයාගේ හෙරොයින් ජාවාරමට ආධාර උපකාර කරමින් විද්‍යුත් ක්‍රමයෙන් රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් උපයාගත් බව කියන කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මේ වන විට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරගේ “ඒ” වාට්ටුවේ සිර අංක 1840 දරන “දනූෂ රසාංග” නැමැත්තා බන්ධනාගාරය තුළ සිටිමින් “විද්‍යුත් ක්‍රමයෙන්” හෙරොයින් ජාවාරම් කර රුපියල් කෝටි 05 කට අධික මුදලක් උපයාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව ආරම්භ කළ විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ “දනූෂ රසාංග” යන අයගේ සහෝදරයා වූ නො. 26, අයි. ඩී. එච්. පාර, සාලමුල්ල, කොළොන්නාව ලිපිනයේ පදිංචි කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු වන කොකු හැන්දිගේ තිසර තරංග නැමැත්තාය.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළොන්නාව නගර සභාවේ මුරකරු විද්‍යුත් ක්‍රමයෙන් කෝටි 4 උපයයි