රංජිත් රාජපක්ෂ
කැළණි ගඟේ දිය නෑමට ගිය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළිය බව අනාවරණය වී තිබේ.
පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැළණි ගඟේ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසුවි ගඟේ ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසුවි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව සිරුර මඳක් දුරින් තිබී සොයා ගෙන ඇති අතර සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
සැමදා සෑම මාධ්‍යකින්ම වතුරේ ගිලීමෙන් සිදුවන මෙවන් මරණ පිළිබඳව කොපමණ ප්‍රචාරය කලත් දිනකට දෙතුන් දෙනෙක් මෙලෙස මිය යති. අප සියලු දෙනා ඇල දොළ ගඟ සහ වැව් සැලකිය යුත්තේ ගිනිගොඩවල් ලෙසයි. ඔබට පිහිනීමට නොහැකිනම් ජලයට නොබැස සිටීම නුවණට හුරුය. දනක් ගැඹුරු ජලයේ වුවත් පිහිනීමට නොදන්නා ඔබ ලිස්සා ගොස් හරස් අතට වැටුනොත් භයානක අනතුරකට පත්විය හැක.
දියේ ගිලීමිය යාම ගැන දිනපතාම පාහේ ආරංචි වෙනවා. සමහරවිට ලංකාවේ අයට මේකෙනුත් ලෝක වාර්තාවක් තියන්න පුළුවන් වෙයි. අමාරුවෙන් ලබා ගත්ත මිනිස් ජීවිතේ ආරක්ෂා කර ගන්න දන්නේ නැති අපේ මිනිස්සු. කොහෙ හරි ගිහින් නෑවේ නැත්තං කසනවා වගේ ඇති... මෙවැනි නොසැලකිලිමත් මරණ නිසා අසරණ වෙන්නේ මැරුණ අය නෙවෙයි. ජීවත් වෙන්න ඉතුරු වෙන එයාලගේ පවුලේ අයයි. දැන් ඔය දරුවට පොඩි කාලෙදිම තමන්ගෙ අම්මා නැති වුණා. ඒ කාගෙ වරදින්ද?
මේ රටේ ඉන්න "සම -හරක් පුදුම කොට්ටාශයක්... නොදන්නා තැන්වල නාන්න එපා කියන එක සරල මූලධර්මයක්... ඒවා පැත්තකින් තියමු.. මේ පහුගිය ටිකේ ඔයවගේ අවාසනාවන්ත සිදුවීම් කීයක් වුනාද? ඒවායින් වත් පාඩමක් ගත්තා නම් මේ වගේ අකල් මරණ වෙන්නේ නැහැ. අපරාදේ ජීවිතයක්. මීට කාලයකට ඉහතදී මම දන්නා සිදුවීමක් ජාතික පිහිනුම් වර්ණ ලාභියෙක් නොදන්නා තැනක, නාන්න ගිහින් ගහගෙන ගියා... ඒ වගේ උදවියටත් බැරිනම් අවශේෂ අපි ගැන කුමන කතාද?
මෙච්චර වහින දවස්වල පිස්සුද මන්දා ගගේ නාන්න යන්නේ...
මවක් වෙලාත් මෙවැනි අනතුරුදායක දේවල් කරන්න යාම කෙතරම් අවාසනාවන්තද? හැබැයි මම නම් මේ නිළිය කිසිම ටෙලි නාට්‍යයක දැකලා නැහැ.