(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.
හිටපු ඇමැතිවරයා තමාට නියමිත දුරකථන බිලට අමතරව දුරකථනය වැඩිපුර භාවිත කිරීම නිසා වැයවූ අමතර මුදල ගෙවන්නැයි රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට නියෝග කර ඇති අතර ඒ හේතුවෙන් ඇමැතිවරයාට ද එම මුදල් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මගින් ගෙවීමට ආධාර අනුබල දීම මත මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට ද දූෂණය නමැති වරද සිදුකළැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙම සිද්ධියට අදාළව නඩු 13ක් ගොනු කර ඇත.

COMMENTS
එල්ල කර ඇති චෝදනා ගැන බලනකොට දුක හිතෙනවා. මේ කට්ටිය ගැන නෙමෙයි. අල්ලස් කොමිසම ගැන.
ඔය ලොකු මහත්තයා විදේශ ගතවෙලා හොටෙල් එකක ජිල්මාට් එකක් දාලා කකුල කඩාගත්ත අවස්භථාවේ අලාභය දෙපැත්තෙන්ම ගත්ත බව කියන චෝදනාවට නැද්ද තවම ප්‍රතිචාරයක්?
කොපමණ සල්ලි තිබිලත් තමන්ගේ දුරකථන බිල මහජනතාවගේ මුදලින් ගෙවපු පුද්ගලයෙක්. තවත් ලජ්ජා නැතුව ඉන්නවානේ. තව මේ වගේ අය කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ සිටීද?
බන්දුල ගුණවර්ධනගෙන් අහන්න තියන්නේ, මෙයා වැරදිකරු වුණානම්, මෙම දඩය සහ අලාභය මහජනයාගෙන්ද එකතුකරලා ගෙවන්නේ? වඩා හොඳයි දේශපාලකයෝ වෙනුවෙන් අරමුදලක් පටන් ගන්න එක. ඉදිරියට මෙම අරමුදල එ්කාබද්ධයට ඉතා වැදගත් වෙනවා.
හෆීල් මහත්තයෝ. ඒකාබද්ධයට මළ පැනලා දැන් මලබද්දේ හැදිලෙද කොහෙද !