(රංජිත් රාජපක්ෂ )
කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
කාසල්රි ජලාශයේ වනරාජා වත්ත ප්‍රදේශයෙන් ජලාශ මායිමේ කිසියම් පිරිසක් විසින් තැබු ගින්නක් රක්ෂිතය පුරා පැතිර ගොස් තිබුණි.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සමග රක්ෂිතයේ තිබෙන ඉලුක් සහිත තෘණ වියළි ගොස් තිබෙන නිසා ගින්න ශිඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණි.
ජලාශ රක්ෂිතය හරහා වනරාජා වත්තේ වතු කම්කරු නිවාසවලට පානිය ජලය ලබා ගැනිම සදහා එලා තිබු ජල නලද ගින්නෙන් විනාශ වි ඇත.ජලාශ මායිමෙන් හටගත් ගින්න හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය දක්වා පැතිර ගොස් තිබු අතර පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට කිසිවෙකුත් ඉදිරිපත් වි නොමැත.
පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තබන අය වෙතොත් එ පිළිබඳව ළගම පොලිස් ස්ථානය වෙත හෝ 119 පොලිස් හදිසි ඇමතුම් එක්කය වෙත දැනුම් දෙන ලෙසත්, රක්ෂිත වලට ගිනි තබන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර නෛතික පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.



2025 දෙසැම්බර් මස 18
359
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාසල්රී රක්ෂිතයේ ගින්නකින් අක්කර 5ක් විනාශයි
eresh S kumara Thursday, 16 January 2020 09:38 AM
ජල පෝෂක ප්‍රදේශ මීට වඩා ආරක්ෂා කරගත යුතුයි. මතකයිනේ ඕස්ට්‍රේලියාව...