( රංජිත් රාජපක්‍ෂ )
කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය රක්‍ෂිතයේ අනවසරෙන් මැණීක් ගෑරු බව කියන පස් දෙනෙකු අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.සි ධර්මපි‍්‍රය මහතා පවසයි.
මෙම ජාවාරම්කරුවන් පිරිස විශාල පරිසර හානියක් සිදුකරමින් බගවන්තලාව ටින්සින් ප‍්‍රදේශයේ කෙසෙල්ගමු ඔය රක්‍ෂිතයේ ඉවුරු ඛාදනයට වගා කර ඇති උණ පදුරු අසල සහ ඒ අසල තේ පදුරු ගලවා මෙලෙස මැණික් ගරා ඇතැයි පොලිසිය පවසයි.
මේ සදහා යොදාගත් උපකරණ රැසක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.මැණීක් ඉල්ලම් ගොඩ ගෙන එම ඉල්ලම් පස් කෙසෙල්ගමු ඔයට සොදා ඇති බවද පොලිසිය කියයි.
සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ නඩු පවරන බවද පොලිසිය ප්‍රකාශ කරයි.





2025 දෙසැම්බර් මස 18
563
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල්ගමුවේ මැණික් ගැරූවැයි පහක් සැකපිට