(නිමන්ති රණසිංහ)
අඟුණකොල පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළැයි කියන පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් ‘‘කොස් මල්ලී’’ නැමැත්තාගේ කඳ කොටසින් ලබාගන්නා ලද ඩි.එන්.ඒ ආදර්ශක සහ හිස කොටසින් ලබා ගන්නා ලද ඩී.එන්.ඒ ආදර්ශක සැසඳෙන්නේ දැයි පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.
ඉකුත් 07 වැනිදා කොළඹ අලූත් කඩේ ප්‍රදේශයේදී සොයා ගන්නා ලද හිස කොටස සහ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ සොයා ගත් කඳ කොටස එක් පුද්ගලයකුගේ දැයි යන්න සැසදීම සඳහා ඒවායින් ලබා ගන්නා ලද ඩි.එන්.ඒ ආදර්ශක රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමට නියෝගක් නිකුත් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.