(සෙනරත් බණ්ඩාර)
මහනුවර පොලිස් හදිසි ඇමතුම් අංශයේ පොලිස් කොස්තාපල්වරයාට පහර දුන් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
පසුගිය පෝ දින (3) පොලිස් කොස්තාපල්වරයාට පිරිසක් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන ලදි.
මහනුවර නාවලපිටිය පුද්ගලික බස්රථ දෙකක ආරවුලක් හේතුවෙන් එක් බස් රථයකට අගුනාවල කුරුඳුවත්ත මංසන්ධියේදී පසුගිය පොහොය දින බීමත් පිරිසක් එල්ල කළ ප්‍රහාරය විසඳීමට ඉදිරිපත් වූ එම අවස්ථාවේදී බස්රථයේ සිටි පොලිස් නිලධාරියා සාමය ආරක්ෂාකිරීමේ උත්සාහයේ නිරතවීම මත බිමත්ව සිටි පිරිස පොලිස් නිලධාරියාට පහර දී ඇත.
පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වා මැර පිරිසෙන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd